යුද උණුසුම මැද ලංකාවට එන්න යන දැවැන්ත අර්බුදය - සියලුම ආහාරවල මිල 15%න් වැඩි වෙන බවට අනතුරු ඇඟවීමක්

Report

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් නාවුක ගමනාගමනයට බාධා එල්ල වීම ඇතුළු මැද පෙරදිග යුද්ධය හා බැඳුණු විවිධ ගෝලීය කාරණා නිසා ලංකාවේ ආහාර අර්බුදයක් නුදුරේම ඇතිවීමේ අවදානමක් පවතින බවට ආර්ථික විශ්ලේෂකයෝ පුරෝකතනය කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව මෙම තත්ත්වය යටතේ රටේ සියලුම ආකාරයේ ආහාර ද්‍රව්‍යවල මිල ගණන් සියයට පහළොවකින් පමණ ඉහළ යා හැකි බවද ඔවුන් පෙන්වා දී ඇත.

තවද මෙම වටපිටාව යටතේ පහළ මධ්‍යම පන්තික ජනතාව තවදුරටත් පහළට වැටෙනු ඇති බවත් විවිධ පුද්ගලයන් මත යැපෙන( අතපාන) ජනගහනයද ඉහළ යා හැකි බවටත් අනතුරු අඟවා ඇත.

අලුත් අවුරුද්දට පරිප්පු නැති වෙයි කියලා හිතපු අයට සුබ ආරංචියක්

අලුත් අවුරුද්දට පරිප්පු නැති වෙයි කියලා හිතපු අයට සුබ ආරංචියක්

එහිදී විශේෂයෙන්ම දරුවන්ට සරසවි සහ පාසල් සිසුන්ට මෙම ආහාර හිඟය දැඩි පීඩාකාරී සේ බලපානු ඇතැයිද ආර්ථික විශ්ලේෂණ වාර්තා දක්වයි.

මේ අතර මෙවැනි තත්ත්වයක් තිබියදී රජය විධිමත් වගා සංග්‍රාමයකට මෙතෙක් ජනතාවට ආරාධනා කර නොතිබීම බරපතළ ගැටලුවක් බව විපක්ෂයේ දේශපාලන පක්ෂ චෝදනා නගයි.

ඒ පිළිබඳව අදහස් දැක්වූ හිටපු අමාත්‍ය නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ මල් පෝච්චිවල පවා ආහාර භෝග වගා කිරීමට ජනතාව මේ මොහොතේදී උනන්දු කළ යුතු බවයි.

යුද ගිනි මැද ලංකාවට තවත් අසුබ පුවතක් - ලංකාවේ පොල්වලටත් නරක කාලයක්

යුද ගිනි මැද ලංකාවට තවත් අසුබ පුවතක් - ලංකාවේ පොල්වලටත් නරක කාලයක්

එසේ වුවත් මේ දක්වාම එවැනි තත්ත්වයක් පෙනෙන්නට නැති බවත් ඔහු කියා ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ප්‍රකාශ කළේ පවතින තත්ත්වය හමුවේ ලෝකයේ බොහෝ රටවල් ආහාර ආරක්ෂිත ක්‍රමවලට යොමුවී සිටියත් ලංකාව තවමත් එවැනි තැනකට පැමිණ නොමැති බවයි.

කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ මැද පෙරදිග යුද්ධය දිගින් දිගටම ඇදී ගියහොත් මෙරට ලොකු ආහාර අර්බුදයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවයි.