අයහපත් කාලගුණය හමුවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් දැනුම්දීමක් - නිවසේ ඉන්නවා නම් මේවා විසන්ධිකර තබන්න
වැසි සහිත ආපදා තත්ත්වය හමුවේ සූදානම් වීමේ සහ බේරා ගැනීමේ කණ්ඩායම් ස්ථානගත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කරයි.
ඒ අනුව ඕනෑම අවස්ථාවක ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථනය සමඟ සම්බන්ධ වන්නැයි සඳහන් කළ ඔහු පැය 24 පුරාම එම දුරකථන අංකය විවෘත බව දැනුම් දෙයි.
එසේම මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ සියලුම දිස්ත්‍රික්කවල ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ඊට සම්බන්ධ වෙන බවයි.
මේ අතර වත්මන් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රියන්ත කොඩිප්පිලි මහතා සඳහන් කළේ,
"මිලිමීටර් 200ට වැඩි වැසි වාර්තා විය හැකියි. අධික වැසි සමඟ නාය යාම් ලක්ෂණ ගැන දැනුවත් වන්න. මෙවැනි අවස්ථාවක අනාරක්ෂිත ස්ථානවල දිය නෑම ඉතා අහිතකරයි. අනාරක්ෂිත ප්‍රදේශවල දිය නෑම හේතුවෙන් පසුගිය දිනවල පුද්ගල මරණ කිහිපයක් වාර්තා වුණා. අකුණු ඇතිවන අවස්ථාවලදී ඒ සඳහා පියවර ගැනීම ඉතා වැදගත්. එළිමහන් ප්‍රදේශවල ක්‍රීඩා කිරීම හෝ වැඩ කටයුතු කිරීම මෙන්ම ස්ථාවර දුරකථන භාවිතය අවදානම්. නිවෙස්වල සිටී නම් පරිපථ විසන්ධිකර තබා ගැනීම වැදගත්" යනුවෙන්.