අයහපත් කාලගුණය හමුවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් දැනුම්දීමක් - නිවසේ ඉන්නවා නම් මේවා විසන්ධිකර තබන්න

Report

වැසි සහිත ආපදා තත්ත්වය හමුවේ සූදානම් වීමේ සහ බේරා ගැනීමේ කණ්ඩායම් ස්ථානගත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කරයි.

ඒ අනුව ඕනෑම අවස්ථාවක ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථනය සමඟ සම්බන්ධ වන්නැයි සඳහන් කළ ඔහු පැය 24 පුරාම එම දුරකථන අංකය විවෘත බව දැනුම් දෙයි.

එසේම මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ සියලුම දිස්ත්‍රික්කවල ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ඊට සම්බන්ධ වෙන බවයි.

ලංකාවේ කාලගුණය කළඹන අඩුපීඩන කලාපය ගැන කළ නවතම නිවේදනය මෙන්න - පීඩන කලාපය උතුරට යෑමෙන් රතු එළි රැසක්

ලංකාවේ කාලගුණය කළඹන අඩුපීඩන කලාපය ගැන කළ නවතම නිවේදනය මෙන්න - පීඩන කලාපය උතුරට යෑමෙන් රතු එළි රැසක්

මේ අතර වත්මන් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රියන්ත කොඩිප්පිලි මහතා සඳහන් කළේ,

"මිලිමීටර් 200ට වැඩි වැසි වාර්තා විය හැකියි. අධික වැසි සමඟ නාය යාම් ලක්ෂණ ගැන දැනුවත් වන්න. මෙවැනි අවස්ථාවක අනාරක්ෂිත ස්ථානවල දිය නෑම ඉතා අහිතකරයි. අනාරක්ෂිත ප්‍රදේශවල දිය නෑම හේතුවෙන් පසුගිය දිනවල පුද්ගල මරණ කිහිපයක් වාර්තා වුණා. අකුණු ඇතිවන අවස්ථාවලදී ඒ සඳහා පියවර ගැනීම ඉතා වැදගත්. එළිමහන් ප්‍රදේශවල ක්‍රීඩා කිරීම හෝ වැඩ කටයුතු කිරීම මෙන්ම ස්ථාවර දුරකථන භාවිතය අවදානම්. නිවෙස්වල සිටී නම් පරිපථ විසන්ධිකර තබා ගැනීම වැදගත්" යනුවෙන්.

කොළඹ යට වෙයි - මේ පැතිවලට නම් අද යන්න හිතන්නවත් බෑ - රථවාහන ගමනාගමනයට බාධා

කොළඹ යට වෙයි - මේ පැතිවලට නම් අද යන්න හිතන්නවත් බෑ - රථවාහන ගමනාගමනයට බාධා

කඳුකරයට රතු නිවේදන - වැස්ස සමඟ නායයෑම් අවදානම උච්ච වෙයි

කඳුකරයට රතු නිවේදන - වැස්ස සමඟ නායයෑම් අවදානම උච්ච වෙයි

මීට සුළු මොහොතකට පෙර අවවාදාත්මක නිවේදනයක් - සවස 3.30 දක්වා වලංගු වන පරිදී මේ අයට මි.මි 200ට වැඩි තද වැසි තත්ත්ව

මීට සුළු මොහොතකට පෙර අවවාදාත්මක නිවේදනයක් - සවස 3.30 දක්වා වලංගු වන පරිදී මේ අයට මි.මි 200ට වැඩි තද වැසි තත්ත්ව