මේ ප්රදේශයට එන අයට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක් - විශේෂ රථවාහන සැලැස්මක්
කඩුවෙල, ශ්රී රන්කඩු පත්තිනි දේවාලයේ දිය කැපීමේ වාර්ෂික මහා පෙරහැර හේතුවෙන් අද (16) කඩුවෙල ප්රදේශය ආශ්රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත්මක කරන බව පොලීසිය පවසයි.
එම දේවාලයේ පෙරහැර අද උදෑසන 6.00 සිට දහවල් 2.00 දක්වා වීථි සංචාරය කිරීමට නියමිතව ඇත. මෙම පෙරහැර දේවාලය අසලින් ආරම්භ වී 143 අවිස්සාවේල්ල - කොළඹ ප්රධාන බස් මාර්ගය ඔස්සේ ගමන් කර කඩුවෙල රාජසිංහ පාලම මතින් බණ්ඩාරවත්ත, බියගම ප්රදේශය වෙත ගොස් දිය කැපීමේ චාරිත්රය ඉටුකිරීමට නියමිතය.
අනතුරුව නැවත එම මාර්ගයේම කඩුවෙල හන්දිය හරහා දේවාලය වෙත ආපසු පැමිණීමට සංවිධානය කර ඇත.
විකල්ප මාර්ග
143 - අවිස්සාවේල්ල - කොළඹ බස් මාර්ගයේ වෙලේ හන්දිය අසලින් රථවාහන ගමනාගමනය සීමා කරන අවස්ථාවේ විකල්ප මාර්ග වශයෙන් 697 බස් මාර්ගයෙන් පට්ටියවත්ත මාර්ගය ඔස්සේ 177 කඩුවෙල - කොල්ලුපිටිය බස් මාර්ගයට අවතීර්ණය වී මාලබේ දෙසට ඇති රාජසිංහ මාවත ඔස්සේ නැවත 143 අවිස්සාවේල්ල - කොළඹ බස් මාර්ගයට අවතීර්ණය වී ගමන් කළ හැකිය.