ක්‍රිකට් නඩුවට අද සිදුවූ දේ..

Report

ක්‍රීඩා අමාත්‍යවරයා ,ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත්කිරීමට ගත් තීරණයට එරෙහිව ගොනුකළ පෙත්සම පිළිබඳ වැඩිදුර සලකා බැලීම හෙට (28) දින තෙක් කල් තැබුණි.

අද (27) මෙම පෙත්සම සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද යළි සලකා බැලුණි.

ක්‍රිකට් නඩුවට අද සිදුවූ දේ.. | Sri Lanka Cricket Case Judgment

මෙහිදී මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති අර්ජුන රණතුංග ඇතුළු අතුරු කමිටුවේ සාමාජිකයින් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.

ඉන් පසුව වැඩිදුර විමසීම හෙට දින තෙක් කල් තැබුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

ජනතාවට සින්නක්කර ඔප්පු ලබාදීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්..

ජනතාවට සින්නක්කර ඔප්පු ලබාදීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්..