ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සතුට හිතෙන ආරංචියක්..කලකට පසු සිදු වූ දේ..

Report

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ඉදිරියට පැමිණීමට සමත්ව සිටින අතර මහීෂ් තීක්ෂණ විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානය හිමිකරගෙන සිටිනවා.

නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් විස්සයි විස්ස තරගාවලියේදී කඩුලු 5ක් දවාගත් මහීෂ් ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 2ක් ඉදිරියට එමින් මෙලෙස 3 වැනි ස්ථානය හිමිකර ගෙන තිබීම විශේෂත්වයක්.

මත්පැන් සම්බන්ධව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගත් තීරණය මෙන්න.

මත්පැන් සම්බන්ධව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගත් තීරණය මෙන්න.


මහීෂ්ට අමතරව ස්ථානයක් පෙරට පැමිණි වනිඳු හසරංග 6 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

එමෙන්ම වනිඳුට විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම්හි ද 6 වැනි ස්ථානය හිමි වී තිබේ.

කොදෙව්වන් සමග විස්සයි විස්ස තරාගවලියේදී ලකුණු 104ක් රැස් කරමින් තරගාවලියේ වීරයා සම්මානය දිනාගත් පැතුම් නිස්සංක විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 4ක් පෙරට පැමිණ 8වැනි ස්ථානය හිමිකර ගෙන තිබීමද විශේෂත්වයක්.

ඔහුට අමතරව ස්ථාන 6ක් පෙරට පැමිණි කුසල් මෙන්ඩිස් 12වැනි ස්ථානයේ පසු වෙයි.

මේ අතර ප්‍රභාත් ජයසූරිය නේතන් ලියෝන් සහ රවින්ද්‍ර ජඩේජා සමගින් ටෙස්ට් පන්දු යවන්නන් අතර 6වැනි ස්ථානය සමව හිමිකර ගෙන ඇති අතර කමිඳු මෙන්ඩිස් ටෙස්ට් පිතිකරුවන් අතර 10වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.

කමිඳු ටෙස්ට් පිතිකරුවන් අතර පළමු 10 අතරට පිවිසි ප්‍රථම අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

අද දිවයින පුරා කාලගුණය ගැන දැනුම්දීමක්...මේ ප්‍රදේශ වලට වැස්සයි සුළඟයි වැඩි වෙයි..

අද දිවයින පුරා කාලගුණය ගැන දැනුම්දීමක්...මේ ප්‍රදේශ වලට වැස්සයි සුළඟයි වැඩි වෙයි..


මීට අමතරව මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් එක්දින තරගාවලියේ දක්ෂතා දැක්වූ එක්දින නායක චරිත් අසලංක සහ වනිඳු හසරංග සිය එක්දින ශ්‍රේණිගත කිරීම්හි වර්ධනයක් හිමිකර ගැනීමට ද සමත්ව ඇත.

චරිත් අසලංක පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 2ක් ඉදිරියට එමින් 12 වැනි ස්ථානය හිමිකර ගනිද්දී, තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 5ක් ඉදිරියට පැමිණි වනිඳුට හිමිව ඇත්තේ 10වැනි ස්ථානයයි.