අද දිවයින පුරා කාලගුණය ගැන දැනුම්දීමක්...මේ ප්‍රදේශ වලට වැස්සයි සුළඟයි වැඩි වෙයි..

Report

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

පුත්තලම, මන්නාරම, යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි අදාල නිවේදනයේ සඳහන් වන්නේ.

අද ලග්න කිහිපයකට හදිසි ධන ලාභ සහ ප්‍රේම සබඳතා වැඩි වන දිනයක්..මේ ලග්න වල අය දෙකම උත්සාහ කරල බලන්න..

අද ලග්න කිහිපයකට හදිසි ධන ලාභ සහ ප්‍රේම සබඳතා වැඩි වන දිනයක්..මේ ලග්න වල අය දෙකම උත්සාහ කරල බලන්න..


මේ අනුව දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.

උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. 40ක 45ක පමණ තද සුළං ද ඇතිවිය හැකි බවයි කාලගුණ නිවේදනයේ සඳහන් වන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරන්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.