ශ්‍රී ලංකාවට නවසීලන්තය හමුවේ දැවැන්ත පරාජයක්..පළමු තරඟයේදීම ලංකාවට අත් වූ ඉරණම.(UPDATE)

Cricket Sri Lanka Cricket New Zealand Cricket Team
By Aruna Jan 05, 2025 12:52 AM GMT
Aruna

Aruna

Report
Update

...........................................

ශ්‍රී ලංකාව ලකුණු 178කට සියල්ල දැවී යයි..නවසීලන්තය ප්‍රබල තැනක..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර අද (05) පැවැති පළමු එක්දින තරගය කඩුලු 09කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වී තිබෙනවා.

කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේ ය.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 43යි පන්දු 4ක් අවසානයේ සියළු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 178ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 26යි පන්දු 2ක් අවසානයේ එක් කඩුලුක් පමණක් දැවී සිය ජයග්‍රහණය තහවුරු කිරීමට සමත් වුණාඑ.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින තරගයයි මෙලෙස නිමාවට පත්වුණේ.

8.00am

ලකුණු 178 ක ඉලක්කයක් හඹායන නවසීලන්ත කණ්ඩායම මේ වන විට පන්දුවාර 7ක් අවසානයේ ලකුණු 50ක් රැස්කරගෙන සිටීයි.

.......................................

7.30am

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත එක්දින නායක මිචෙල් සැන්ටර් විසින් පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා පිලට ආරාධනය කළ අතර, එහි දී ශ්‍රී ලංකා පිලට පන්දුවාර 43 යි පන්දු 4 ක් අවසානයේ දී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 178 ක් පමණයි.

එක් අවස්ථාවක ලකුණු 23 ක් ඇතුළත මුල් පෙළේ කඩුළු 4 ක් බිඳ වැටී ශ්‍රී ලංකා පිල දැඩි අසීරු අඩියකට පත්ව සිටි අතර එහි දී ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු (56) සහ ජනිත් ලියනගේ (36) එක්ව ගොඩනගන ලද ලකුණු 87 ක් සම්බන්ධතාවය හරහා යම්කිසි අස්වැසිල්ලක් ශ්‍රී ලංකා පිලට ලබා දීමට හැකි විය.

මීට අමතර මැදපෙළ පිතිකරුවන් ලෙසින් වනිඳු හසරංග ලකුණු 35 ක් සහ චමිඳු වික්‍රමසිංහ ලකුණු 22 ක් බැගින් ලබා ගැනීමට සමත් වුණා.

සෙසු එකදු පිතිකරුවකු හෝ ලකුණු 10 සීමාව ඉක්මවා යාමට සමත් නොවීම ශ්‍රී ලංකා පිලේ දුර්වල පිතිහරඹය යළිත් ස්මතු විය.

අද දින ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ඒෂාන් මාලිංග එක්දින වරම් දිනාගැනීමට සමත්වීම ද විශේෂත්වයක්.

මෙහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මැට් හෙන්රි සිය පන්දු වාර 10 තුළ දී ලකුණු 19කට කඩුළු 4 ක් දවා ගැනීමට සමත්වුණා.

....................................................

ශ්‍රී ලංකා නවසීලන්ත පළමු එක්දින තරඟයේ ලංකාවට අද සිදු වූ දේ..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය මේ වන විට ආරම්භවී තිබෙනවා.

එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා.

අද ලග්න කිහිපයකට හදිසි ධන ලාභ ගෙන එන දිනයක්.. අතමිට මුදලින් සරුවෙයි..විශේෂයෙන් මේ ලග්න වල අයටයි.

අද ලග්න කිහිපයකට හදිසි ධන ලාභ ගෙන එන දිනයක්.. අතමිට මුදලින් සරුවෙයි..විශේෂයෙන් මේ ලග්න වල අයටයි.


ඒ අනූව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කිරීමය.  

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 33ක් අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 137 ක් රැස්කරගෙන තිබේ.

ඉන්ධන ලීටරයක් රුපියල් 150 දෙයි?..මිල සූත්‍රය අනුව කරන දේ ගැන ප්‍රකාශයක්..

ඉන්ධන ලීටරයක් රුපියල් 150 දෙයි?..මිල සූත්‍රය අනුව කරන දේ ගැන ප්‍රකාශයක්..


මේ වන විට පන්දුවට පහර දෙමින් සිටින වික්‍රමසිංහ ලකුණු 29ක් ද වනිඳු හසරංග ලකුණු 14ක් ද රැස්කරගෙන සිටියි.

You May Like This Video


ReeCha