ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් සටන අද..සියලුම ක්‍රිඩා ලෝලීන්ට විශේෂ දැනුම්දීමක්..
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (28) පැවැත්වෙන අවසන් මහා තරගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය මගින් දන්වා ඇත්තේ, මෙම තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ප.ව. 3.00ට ආරම්භ වීමට නියමිතව ඇති බවයි.
මේ හේතුවෙන් ක්‍රීඩාලෝලීන්ට ක්‍රීඩාංගණයට ඇතුළුවීම සඳහා දඹුල්ල ක්‍රීඩාංගණයේ දොරටු ප.ව. 1.00 සිට විවෘත කරන බව ද එහි සඳහන් කර ඇත.
ක්‍රිකට් ආයතනය ක්‍රීඩාලෝලීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ, අවසන් මහා තරගය නැරඹීම සඳහා අතිවිශාල ක්‍රීඩාලෝලීන් සංඛ්‍යාවක් පැමිණීමට නියමිතව ඇති නිසා, දොරටු අසල ඇතිවන තදබදය වළක්වා ගැනීම සඳහා කල්වේලා ඇතිව පැමිණෙන ලෙසයි.