නායකයින් වෙනස් වූ ඉන්දු ශ්රී ලංකා T20 ගැටුම..අද තරඟයේ විශේෂත්වය මෙන්න..
සංචාරක ඉන්දීය ක්රිකට් කණ්ඩායම සහ ශ්රී ලංකාව කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ ප්රථම තරගය අද (27) මහනුවර පල්ලෙකැලේ ක්රීඩාංගණයේදී රාත්රි 7.00 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
මෙම විස්සයි-20 තරගාවලිය සඳහා ශ්රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම චරිත් අසලංකටද, ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සූර්ය කුමාර් යාදෙව්ටද හිමිව ඇති අතර මොවුන් දෙදෙනාම නායකත්වයට පත්ව මුහුණ දෙන පළමු තරගාවලිය මෙය වීම ද විශේෂත්වයක්.
මෙයට පෙර ශ්රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ නායකයා ලෙස වනිඳු හසරංග ද, ඉන්දීය කණ්ඩායමේ නායකයා වශයෙන් රෝහිත් ශර්මාද කටයුතු කළ අතර ඔවුන් දෙදෙනාම පසුගියදා සිය නායකත්වයෙන් ඉල්ලා අස් වුණා.
ශ්රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර විස්සයි-20 තරග 29ක් පවත්වා ඇති අතර එයින් තරග 19ක ජය ඉන්දීය කණ්ඩායමටත්, තරග 09ක ජය ශ්රී ලංකාවටත් හිමිව ඇති අතර එක තරගයක් විසඳුමකින් තොරව අවසන්ව තිබේ.
මේ අනුව තරගාවලියේ දෙවැනි තරගය 28 වැනිදාත්, තෙවැනි තරගය 30 වැනිදාත් මහනුවර පල්ලෙකැලේ ක්රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතව ඇත.
ශ්රී ලංකා පන්දු වාර විස්සයි-20 සංචිතය
චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, ඩිල්ෂාන් මධුසංක, දුනිත් වෙල්ලාලගේ, අසිත ප්රනාන්දු, බිනුර ප්රනාන්දු, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්රනාන්දු, චමිඳු වික්රමසිංහ.
ඉන්දීය විස්සයි-20 සංචිතය
සූර්යකුමාර් යාදව් (නායක), ශුබ්මන් ගිල් (උප නායක), යෂස්වි ජයිස්වාල්, රින්කු සිං, රියන් පරාග්, රිෂාබ් පාන්ට්, සංජු සැම්සන්, හර්දික් පාණ්ඩ්යා, ශිවම් ඩුබේ, අක්සාර් පටෙල්, වොෂින්ටන් සුන්දර්, රවී බිෂ්නෝයි, අර්ෂ්දීප් සිං, ඛලීල් අහ්මඩ්, මොහොමඩ් සිරාජ්.