ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා ක්‍රිකට් ඓතිහාසික වාර්තාවක් තබයි..
ඉතිහාසයේ පළමු වරට එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පන්දුවාර 20 තරගාවලි ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (06) සමත්වී තිබෙනවා.
ඒ, ඊයේ පැවති තෙවන 20/20 තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කරමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පන්දුවාර 19ක් තුළ කඩුළු සියල්ල දැවී ලබාගත හැකි වුයේ ලකුණු 116ක් පමණයි.
පන්දු යැවීමේදී චමරි අතපත්තු කඩුලු 03ක් බිඳ හෙළීමට සමත් විය.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන් පන්දුවාර 17ක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 117ක් ලබා ගනිමින් තරගය ජයගනු ලැබුවා.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චමරි අතපත්තු ලකුණු 44ක් සහ, අනුෂ්කා සංජීවනී ලකුණු 20ක් ලබා ගනු ලැබීය.
