ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලෝකෙම පුදුම වෙන විශේෂ මෙහෙයුමක [PHOTO]
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකකය විසින් පසුගිය දෙසැම්බර් 15 වනදා සාර්ථක ලෙස මධ්‍යම අප්‍රිකානු ජනරජයේ අතිශය අස්ථාවර සහ අනතුරුදායක යුද කලාපයක සිටි, තුවාල ලැබූ එක්සත් ජාතීන්ගේ නිලධාරීන් දෙදෙනෙකු මුදාගෙන ඔවුන්ගේ ජීවිත බේරාගැනීමේ (CASEVAC) විශේෂ මෙහෙයුමක් සිදුකර ඇත.
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සෙමියෝ (Zemio) ප්‍රදේශයේ පැවති සන්නද්ධ ගැටුම් අතරතුර එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවට ලද හදිසි පණිවිඩයක් සමඟ මෙම මෙහෙයුම ආරම්භ වී ඇත.
ඉන් අනතුරුව වහා ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම Mi-17 (UNO 325P) වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ඒ සඳහා යොමු කර ඇති අතර විංග් කොමාන්ඩර් නෙල්සන් ද සිල්වාගේ නායකත්වයෙන් සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් අරුණෝද ඒකනායකගේ සහාය නියමුවරයා ලෙසින් ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුමට තවත් නිලධාරීන් සහ ගුවන් වෛද්‍ය කණ්ඩායමක් ඇතුළත් වී ඇත.
මෙහෙයුමේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අභියෝග රැසකට මුහුණ දීමට සිදුව ඇති අතර මුදාගැනීමේ ස්ථානය සෙමියෝ මෙහෙයුම් මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 20ක් ඊසාන දෙසින් පිහිටා ඇත.
පසුව ගෲප් කැප්ටන් සුජිත් පෙරේරා ඇතුළු ගුවන් වෛද්‍ය කණ්ඩායම යානය තුළදීම තුවාලකරුවන්ට අවශ්‍ය හදිසි ප්‍රතිකාර ලබා දී ඇති අතර පැයකුත් විනාඩි 45ක කාලයක් පුරා ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුම අවසානයේ, තුවාල ලැබූ නිලධාරීන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා බංගුයි අගනුවර වෙත ආරක්ෂිතව රැගෙන එනු ලැබු බව තොරතුරු වාර්තා වේ.