අඩු වියදමින් සතියට දවස් 03ක් අබුඩාබි යන්න මෙන්න විශේෂ අවස්ථාවක්..

Report

අබුඩාබි සිට කටුනායක දක්වා අඩු වියදම් නව ගුවන් සේවයක් ආරම්භ කරමින් මංගල ගුවන් යානය ඊයේ(08) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මගීන් 158 දෙනෙකු සහ ගුවන් යානා කාර්ය මණ්ඩලය 08 දෙනෙකුගෙන් සමන්විත එයාර් ඇරැබියා ගුවන් සේවයේ 3 එල් - 197 දරණ යානය අබුඩාබි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

අඩු වියදමින් සතියට දවස් 03ක් අබුඩාබි යන්න මෙන්න විශේෂ අවස්ථාවක්.. | Sri Lanka Abu Dhabi Airlines

මෙම යානා සෑම බදාදා, සිකුරාදා සහ ඉරිදා යන දිනවල රාත්‍රී 08.00ට පැමිණෙන අතර, යළි රාත්‍රී 08.30ට කටුනායකින් අබුඩාබි බලා පිටත්ව යාමට නියමිත බවයි ගුවන්තොටුපොල ආරංචිමාර්ග පැවසුවේ.