ශ්‍රී ලංකාව ලෝකයේම අංක 01 ට එයි..ඉන්දියාව ,ජපානයත් පල්ලම් බසී..රටටම සතුටුදායක ආරංචියක්.

Report

තනිව ලෝකය වටා ගමන් කරන සංචාරකයන් ලබන වසර සඳහා වෙන්කරගෙන ඇති ජනප්‍රියතම සංචාරක ගමනාන්ත දහය අතර ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිඛෙන බව ෆ්ලෑෂ් පැක් සංචාරක සමාගමේ නවතම ප්‍රවණතා වාර්තාවෙන් හෙළි වී තිබෙනවා.

එසේම තනිව සංචාරය කරන්නන් මෙම වසරේදී සංචාරය කළ ජනප්‍රියතම ගමනාන්ත දහය අතර පළමු ස්ථානයද ශ්‍රී ලංකාවට හිමිව ඇති බවයි ෆ්ලෑෂ් පැක් සංචාරක සමාගම ප්‍රකාශ කළේ.

මීට පෙර ලබන වසර සඳහා වන ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාවට සිව්වෙනි ස්ථානය හිමිව තිබූ අතර නවතම ශ්‍රේණිගත කිරීමේ දී ස්ථාන හතරක් ඉදිරියට එමින් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට හැකියාව ලැබී තිබීම විශේෂත්වයක්.

රටේම අවධානය යොමුවූ වඳුරව නිධානයෙන් හමුවූ විශේෂ දේ..මුළු රටේම ණය ගෙවා දමන්න පුළුවන් වෙයි?(VIDEO)

රටේම අවධානය යොමුවූ වඳුරව නිධානයෙන් හමුවූ විශේෂ දේ..මුළු රටේම ණය ගෙවා දමන්න පුළුවන් වෙයි?(VIDEO)


ෆ්ලෑෂ් පැක් සංචාරක සමාගම ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව ඉන්දියාව තරම් විශාල නොමැති වුවත් ඉන්දියාවේ ලබාගත හැකි අත්දැකීම සියල්ලම සහනදායි මිලකට ශ්‍රී ලංකාවේදී ලබා ගැනීමට හැකිවීම මෙවර ශ්‍රේණිගත කිරීමේදී ස්ථාන හතරක් ඉදිරියට පැමිණීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවයි.

ශ්‍රී ලංකාවට පැමිණෙන්නෙකුට සමබර අත්දැකීමක් ලබාගත හැකි බවත්, වෙරළ තීරයන්, සංචාරකයන්ට මිත්‍රශීලි හෝටල් සහ නිවාඩු නිකේතන, රසවත් ආහාර මෙන්ම තනිව සංචාරය කරන්නෙක් බලාපොරොත්තු වෙන සියලුමදේ ශ්‍රී ලංකාවෙන් සමබරව ලබාගත හැකි බවද ෆ්ලෑෂ් පැක් සංචාරක සමාගම අවධාරණය කර තිබේ.

අස්වැසුම සුබසාධක වැඩ සටහනට තව දින කිහිපයකින් සිදුවන දේ මෙන්න..

අස්වැසුම සුබසාධක වැඩ සටහනට තව දින කිහිපයකින් සිදුවන දේ මෙන්න..


2025 වසර සඳහා වන ශ්‍රේණිගත කිරීමේ දෙවැනි සහ තෙවැනි ස්ථාන ජපානය සහ ෆින්ලන්තය හිමිකරගෙන ඇති අතර, එම ශ්‍රේණිගත කිරීමේ අවසන් ස්ථානය ග්වාතමාලාවට හිමිව තිබෙනවා.

You May Like This Video

You May Like This Video