පියුමිගේ සම සුදු කරන ක්‍රීම් ගාපු හැමෝටම රතු එළියක්..පියුමි ගහපු තවත් ගේමක් මාට්ටුයි..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Piumi Hansamali Businessman
By Aruna Jul 06, 2024 02:30 AM GMT
Aruna

Aruna

Report

දැඩි කතාබහකට ලක්ව ඇති ජනප්‍රිය නිරූපිකාවක වන පියුමි හංසමාලි විසින් අලෙවි කරන රූපලාවන්‍ය නිෂ්පාදන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති බවට තොරතුරු මේ වන විට වාර්තා වී තිබෙනවා.

එම සම පැහැපත් කරන ක්‍රීම් ඇතුළු රූපලාවණ්‍ය නිෂ්පාදන වෙළඳපොලේ බහුලව භාවිත වෙමින් ඇති බව ද වාර්තා වේ.

මෙරට තුළ දැනට රූපලාවණ්‍ය නිෂ්පාදන නියාමනය කිරීම සඳහා නීතිමය රාමුවක් හෝ නිශ්චිත පනතක් නොමැති බවයි, ඩේලි මිරර් පුවත් වාර්තාවක සඳහන් වේ.

අද සිට දින 17ක් එක දිගට සුරා සැල් වසා දැමීමක් ගැන දැනුම්දීමක්..හදිසියේ වහන්න හේතුව මෙන්න..

අද සිට දින 17ක් එක දිගට සුරා සැල් වසා දැමීමක් ගැන දැනුම්දීමක්..හදිසියේ වහන්න හේතුව මෙන්න..


ඒ හේතුවෙන් එය ලියාපදිංචි නොකළ නිෂ්පාදනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියට බාධාවක් බවයි එහි සඳහන් වන්නේ.

මෙම රූපලාවණ්‍ය නිෂ්පාදන සම්බන්ධයෙන් පනතක් කෙටුම්පත් කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරමින් සිටින බවට ද තොරතුරු වාර්තා වේ.

සම පැහැපත් කිරීමේ ක්‍රීම්වලට අදාළ ගැටලු සම්බන්ධයෙන් මෑත කාලයේ පැමිණිලි රාශියක් ලැබී තිබේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරන්නේ, පාරිභෝගික ආරක්ෂාව සහතික කිරීම සඳහා රූපලාවණ්‍ය නිෂ්පාදන ස්වේච්ඡාවෙන් ලියාපදිංචි කිරීම තමන් දිරිමත් කරන බවයි.

ලියාපදිංචි වී නොමැති නිෂ්පාදන විශේෂයෙන් සම පැහැපත් කිරීමේ ක්‍රීම් භාවිත කිරීමෙන් වළකින ලෙසයි, එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියේ.

අද ලග්ග 06කට ඉතාමත් යහපත්..ලග්න 04ක අය දැඩි කල්පනාකාරීව හැසිරෙන්න..

අද ලග්ග 06කට ඉතාමත් යහපත්..ලග්න 04ක අය දැඩි කල්පනාකාරීව හැසිරෙන්න..

සම පැහැපත් කරන ක්‍රීම් භාවිතය හා සම්බන්ධ වකුගඩු රෝග රෝගීන්ගේ සැළකිය යුතු වැඩි වීමක් පෙන්නුම් කර ඇති බවත් එය පිළිකා රෝග පවා අභිබවා යෑමක් බවත් විශේෂඥ වෛද්‍යවරුන් අවධාරණය කර ඇත.

මේ අතර, පියුමි හංසමාලිගේ නමට ලියාපදිංචි කරන ලද BMW වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් රුපියල් කෝටි හයකට අධික වටිනා කුශ් හා කොකේන් ගුවන් තැපැල් මගින් ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයාගේ දෙමහල් නිවසේ ගරාජයේ තිබී හමු වී තිබෙන පුවතක් වාර්තා වනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මරදාන ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ වාහන අමතර කොටස් ගෙන්වන ආයතනයක හිමිකරුවෙක් බවයි පැවසෙන්නේ.

මෙම සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා කලක පටන් පොලිසිය මගහරිමින් සැඟව සිට ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

වාහන වලට විශාල බද්දක් නිසා මිල ඉහළ නගී..ජාත්‍යන්තරයෙන් රතු එළියක්..

වාහන වලට විශාල බද්දක් නිසා මිල ඉහළ නගී..ජාත්‍යන්තරයෙන් රතු එළියක්..


අදාළ සැකකරු නාරහේන්පිට ප්‍රදේශයේ පුද්ගලික රෝහලක සිට පිටතට පැමිණෙමින් සිටියදී මෙසේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.

සැකකරු මෙම වසර මුලදී නාවල කොස්වත්ත ප්‍රදේශයේ සුපිරි නිවසක කුලී පදනම මත පදිංචිව සිටියදී මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සිය භාරයට ගැණින.

මෙම සිදුවීමත් සමග ඔහු එම නිවස අත්හැර දමා නාවල පාසල් මාවත ආසන්නේ සුපිරි නිවසකට පදිංචිය මාරු කර ඇති බවයි, පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.