කාලගුණයෙන් විශේෂ නිවේදනයක් - ප්‍රවේශම් වන්න

Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීම පිළිබඳවයි.

මෙම නිවේදනය හෙට (28) දක්වා වලංගු වනවා. ඒ අනුව හලාවත සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා ගාල්ල සිට හම්බන්තොට දක්වා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

මෙන්න දැන් ලැබුණු විශේෂ නිවේදනයක් - නායයාම් අනතුරු ඇඟවීම්

මෙන්න දැන් ලැබුණු විශේෂ නිවේදනයක් - නායයාම් අනතුරු ඇඟවීම්

නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී 60 - 70 පමණ දක්වා වැඩිවිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ.

මේ අතර මෙම මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ද නාවික හා ධීවර ප්‍රජාවන්ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා. 

චිකුන් ගුන්යා මෑත කාලයේ බරපතලම මට්ටමට!

චිකුන් ගුන්යා මෑත කාලයේ බරපතලම මට්ටමට!