අද නුගේගොඩට යන අයට විශේෂ නිවේදනයක්

Report

නුගේගොඩ ආනන්ද සමරකොන් එළිමහන් රංගපීඨයේදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මහජන රැළියට සමගාමීව විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක් අද (21) දින ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කරයි.

මෙම මහජන රැළිය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පුතුවරුන්, දේශපාලන පක්ෂ නායකයන්, නියෝජිතයන්, පාක්ෂිකයන් හා ඒ සඳහා සහභාගි වන මහජනතාවගේ ආරක්ෂාව සඳහා මෙම විශේෂිත රථ වාහන සහ ආරක්ෂක සැලැස්ම ක්‍රියාත්මක කරන බව වාර්තා වේ.

ඒ අනුව අද දින (21) දහවල් 2 සිට රැළිය අවසන් වන අවස්ථාව වන තෙක් නුගේගොඩ ගුවන් පාලම අසල හයිලෙවල් හන්දියේ සිට නාවල මාර්ගයේ නොවන වටරවුම දක්වා වූ රථවාහන ගමනාගමනය සීමා කිරීමට නියමිතව ඇත.

අද රැළියට එන අයට පොලීසියෙන් විශේෂ නිවේදනයක්

අද රැළියට එන අයට පොලීසියෙන් විශේෂ නිවේදනයක්

අඳාළ කාලය තුළ රියැදුරන්ට සහ මහජනතාවට සිදුවන අපහසුතා මග හරවා ගැනීමට විකල්ප මාර්ග භාවිත කරන මෙන් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම කොළඹ දෙස සිට හා කොහුවල දෙස සිට නුගේගොඩ නගරය හරහා නාවල දෙසට හා පිට කෝටටේ දෙසට ගමන් කිරීමට පැමිණෙන වාහන හයිලෙවල් මාර්ගයේ ගම්සභා හන්දියෙන් වමට හරවා කට්ටිය හන්දිය ඔස්සේ මිරිහාන දෙසට තා නාවල දෙසට ගමන් කළ හැකි බවද එම කොට්ඨාශය ප්‍රකාශ කරයි.

ආයේ මේක නැතුව ත්‍රීවිල් පදින්න දෙන්න එපා - සියලුම පොලිස් ස්ථානවලට දන්වයි

ආයේ මේක නැතුව ත්‍රීවිල් පදින්න දෙන්න එපා - සියලුම පොලිස් ස්ථානවලට දන්වයි

වාහන පදින ඔබට සුභ ආරංචියක් ලබන මාසෙන් ආරම්භයි

වාහන පදින ඔබට සුභ ආරංචියක් ලබන මාසෙන් ආරම්භයි