රංගන ලොවම කම්පා කරමින් ජනප්‍රිය රංගන ශිල්පිනී අනන්‍යා රාජ් අවසන් ගමන් යයි

Report

ජනප්‍රිය රංගන ශිල්පිනී අනන්‍යා රාජ් වයස අවුරුදු 35දී අභාවප්‍රාප්ත වී තිබේ. ‘Thaggede Le’, ‘7 Hours To Go’ සහ ‘Ghost’ ඇතුළු චිත්‍රපට කිහිපයක රංගනයෙන් දායක වූ ඇය ජූලි 15 වැනිදා අලුයම නින්දේදීම සාමකාමීව මියගිය බව ඇගේ පවුලේ සාමාජිකයන් පවසයි.

අනන්‍යාගේ අභාවය පිළිබඳව ඇගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ පවුලේ සාමාජිකයන් විසින් දැනුම් දී ඇති අතර, ඇය වසරකට වැඩි කාලයක් පුරා ශාරීරික හා මානසික අපහසුතාවලට මුහුණ දෙමින් සිටි බවද එහි සඳහන් කර තිබේ.

එම අපහසුතා මධ්‍යයේ වුවද ඒවා ජය ගැනීමට අනන්‍යා දැඩි අධිෂ්ඨානයකින් කටයුතු කළ බව පවුලේ සාමාජිකයන් පවසා ඇත. ඔවුන් ඇයව හඳුන්වා දී ඇත්තේ ශක්තිමත් ආත්මයකින් යුතු, ජීවිතයට ධෛර්යයෙන් මුහුණ දුන් තරුණියක ලෙසයි.

ලෝකයක් ආදරය කළ ශ්‍රීදේවි වෙනුවෙන් හදපු මාලිගාව – ජන්වී කපූර්ගේ කෝටි 65ක නිවසේ සංවේදී කතාව

ලෝකයක් ආදරය කළ ශ්‍රීදේවි වෙනුවෙන් හදපු මාලිගාව – ජන්වී කපූර්ගේ කෝටි 65ක නිවසේ සංවේදී කතාව

අනන්‍යාගේ අවසන් කටයුතු සිදුකළ අවස්ථාවේ ඡායාරූප කිහිපයක්ද ඇගේ අභාවයෙන් මාසයකට පමණ පසු පවුලේ සාමාජිකයන් විසින් නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක්කර තිබේ. “බච්චා, ඔබගේ නොපැමිණීම අපට දැඩි ලෙස දැනෙනු ඇත.

ඇයගේ ආත්මයට සැනසීම පතමින් යාච්ඤා කරන ලෙස අපි සියලුදෙනාගෙන් ඉල්ලා සිටිමු” යනුවෙන් පවුලේ සාමාජිකයන් සඳහන් කර ඇත. එමෙන්ම, අනන්‍යාගේ වියෝවෙන් පසු මෙම දුෂ්කර අවස්ථාවේදී පවුලේ පෞද්ගලිකත්වයට සහ නිහඬතාවයට ගරු කරන ලෙස රසිකයන්ගෙන් සහ මාධ්‍යයෙන් ඔවුන් ඉල්ලා තිබේ.

රංගන ක්ෂේත්‍රයට අමතරව, ‘The Final Exit’ ඇතුළු නිර්මාණවලට දායක වූ අනන්‍යා රාජ්, T-Series, Zee Music සහ Times Music වැනි ප්‍රමුඛ සංගීත ලේබල් යටතේ නිකුත් වූ සංගීත වීඩියෝ කිහිපයකටද රංගනයෙන් එක්ව සිටියාය.

ත්‍රිෂාට මුල් අසුන දුන් විජේ - විජේ ත්‍රිෂා නිසා තමිල්නාඩුවම කැළඹෙයි - දික්කසාද නඩුව අයින් කරගත්තට වැඩක් නෑ වගේ

ත්‍රිෂාට මුල් අසුන දුන් විජේ - විජේ ත්‍රිෂා නිසා තමිල්නාඩුවම කැළඹෙයි - දික්කසාද නඩුව අයින් කරගත්තට වැඩක් නෑ වගේ