සෑම විභාග මධ්‍යස්ථානයකටම විශේෂ ආරක්ෂාවක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කරයි.
ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ් .යු .වුට්ලර් මහතා විසින් සෑම විභාග මධ්‍යස්ථානයක්ම ආවරණය වන පරිදි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් දී ඇති බව සඳහන් කළා.
එසේම ඔහු කියා සිටියේ ජංගම සංචාර හා රාත්‍රී සංචාර යොදවා එම මධ්‍යස්ථානවලට අවශ්‍ය ආරක්ෂාව සපයා ඇති බවයි.
මේ අතර එෆ් .යු .වුට්ලර් මහතා වැඩිදුරටත් කියා ඇත්තේ එම ආරක්ෂක වැඩපිළිවෙළ සඳහා අවශ්‍ය වුවහොත් පොලිස් විශේෂ කාර්ය බලකායේ සහයද ලබාගන්නා බවයි.