මහින්දානන්ද හා දුමින්ද රඳවා සිටින වාට්ටුවේ හමුවුණු දේ මෙන්න..

Report

බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ, හිටපු සභාපති දුමින්ද සිල්වා ඇතුළු රැඳවියන් රැසක් රඳවා සිටින බන්ධනාගාර වාට්ටුවක විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබෙන බවට වාර්තා වෙනවා.

මෙම මෙහෙයුමේදී ජංගම දුරකථන, චාජර්, හෙඩ්ෆෝන් ඇතුළු බන්ධනාගාර නීති රීතිවලට පටහැනි උපාංග රැසක් සොයා ගෙන ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසනවා.

සීට් එකේ දොර විවර වුණ පාර රියදුරු කලබල වෙලා - මඟීන්ට මරණය පෙන්වමින් පෙරලුනු බස් රථයෙන් ඇහෙන කතාව

සීට් එකේ දොර විවර වුණ පාර රියදුරු කලබල වෙලා - මඟීන්ට මරණය පෙන්වමින් පෙරලුනු බස් රථයෙන් ඇහෙන කතාව

සෝදිසි මෙහෙයුම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නායකත්වය යටතේ විශේෂ කණ්ඩායමක් යොදවා තිබුණු අතර, රැඳවියන්ගේ කාමර, බෑග්, ඇඳුම් සහ භාවිතා කරන ස්ථාන විස්තරාත්මකව පරීක්ෂා කර තිබෙනවා.

සොයා ගත් ජංගම දුරකථන සහ උපාංග මේ වන විට බන්ධනාගාර බුද්ධි අංශය විසින් අත්පත් කරගෙන තිබෙන අතර, ඒවා භාවිතා කිරීමට එරෙහිව රැඳවියන්ට එරෙහිව විනයාත්මක ක්‍රියාමාර්ග ගැනීමටද සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

කැළඹුණු 6 වසරේ මොඩියූලර් - සිලබස් මාරු කරන්නේ නැහැ.. දැනට පරණ පොතම දෙන්න සූදානමක්

කැළඹුණු 6 වසරේ මොඩියූලර් - සිලබස් මාරු කරන්නේ නැහැ.. දැනට පරණ පොතම දෙන්න සූදානමක්