සීට් එකේ දොර විවර වුණ පාර රියදුරු කලබල වෙලා - මඟීන්ට මරණය පෙන්වමින් පෙරලුනු බස් රථයෙන් ඇහෙන කතාව[UPDATE]

Report

කොළඹ සිට වැලිමඩ දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික මගී බස් රථයක් අද (18) දින උදෑසන හල්දුම්මුල්ල ඌව තැන්න නායමඩිත්ත ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ගල් ඇන්දක හැපීමෙන් බස් රථය මාර්ගය හරහා පෙරළී ගොස් තිබුණා.

එහිදී රියදුරු ජීවිතක්ෂයට පත් වී තවත් කාන්තාවක් කුඩා දරුවකු ඇතුළු අට දෙනෙකු තුවාල ලබා ඇති බව හල්දුම්මුල්ල පොලිසිය සඳහන් කළා.

බස් රථයේ රියදුරු ආසනපටි පැළඳ නොසිටි බවට සහ එක්වරම රියදුරු අසුනේ දොර විවෘත වීමෙන් අනතුරුව කලබල වී බස් රථය පාලනයෙන් ගිලිහී මාර්ගයෙන් ඉවතට පැන කණ්ඩියේ හැපී මාර්ගය හරහා පෙරළී ගොස් ඇති බවට වාර්තා වේ.

එමෙන්ම බස් රථයෙන් එළියට විසිවී පාර හරහා ඇද වැටී සිටි රියදුරු බස් රථයට යටවී බරපතළ ලෙස තුවාල ලබා සිටියදී ප්‍රදේශවාසීන් මුදවාගෙන රෝහල්ගත කර තිබුණා.

එහෙත්ද රියදුරා ජීවිතක්ෂයට පත්වී ඇති බවද එක් අයෙකුගේ අත බරපතළ ලෙස තුවාල වී ඇති බවත් පොලිසිය සඳහන් කළා.

එමෙන්ම අවුරුදු හතක දරුවකු ඇතුළු සිව් දෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව මූලික රෝහලට මාරුකර යවා ඇති බවත් සඳහන්.

..............................................

එලවන ගමන් දොර වහන්න ගිහින් බස් එකම පෙරළී බිහිසුණු අනතුරක් - රියදුරු ජීවිතක්ෂයට [9.

කොළඹ සිට වැලිමඩ දක්වා ධාවනය වූ බස් රථයක් හල්දුම්මුල්ල ඌවතැන්න ප්‍රදේශයේදී පෙරළී ගොස් ඇත.

ඒ අනුව අනතුරින් බස් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

එම ප්‍රදේශයේදී බස් රථයේ රියදුරු අසුන පිහිටි දොර විවෘතව ඇති බැවින් ඒ අවස්ථාවේදී රියදුරු එම දොර වැසීමට උත්සාහ කර ඇති බව වාර්තා වේ.

එම අවස්ථාවේදී බස් රථය පාලනය කරගත නොහැකිව අසල තිබූ පස් කණ්ඩියක ගැටී බස් රථය මාර්ගයේ පෙරළී ගොස් ඇති බව සඳහන්.

මාරක අනතුරක් - කාන්තාවක් ජීවිතක්ෂයට - තිදෙනෙක්ට තුවාල

මාරක අනතුරක් - කාන්තාවක් ජීවිතක්ෂයට - තිදෙනෙක්ට තුවාල

එම අනතුරින් තවත් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර එම පිරිස අතර බස් රථයේ කොන්දොස්තරවරයා, කුඩා ළමයෙකු සහ කාන්තාවක්ද සිටින බව පොලීසිය පවසයි.

එසේම මෙම අනතුරින් පසු මාර්ගයේ එක් මන්තීරුවක් අවහිර වී ඇති අතර එම අවහිරතාව වහාම යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවත් පොලීසිය සඳහන් කරයි.

කෙසේ වෙතත් පොලීසිය කියා සිටියේ අනතුර සිදුවන අවස්ථාවේදී රියදුරු ආසන පටි පැළඳ නොසිටි බවයි.

දෙවියනේ යතුරු පැදි රේස් එකෙන් තරුණයෙක් එතනම මරුට

දෙවියනේ යතුරු පැදි රේස් එකෙන් තරුණයෙක් එතනම මරුට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි