මිලේච්ඡ සමූහ ඝාතන රැසකට පස්සෙ කමෙනිගෙ අවසානය තීන්දු වෙයි

Report

සතියක් පුරාවට ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම් තත්ත්වය උත්සන්න වී තිබෙන පසුබිමක ඉරාන මිසයිල ප්‍රහාරයක් දකුණු ඊශ්‍රායලයේ බීර් ෂෙවා නුවර වෛද්‍ය මධ්‍යස්ථානයකට පතිත වී ඇති බවට වාර්තා වේ.

ඒ සමඟ වූ තවත් ප්‍රහාර ගණනාවක් සමඟින් ඊශ්‍රායලය පුරා සිවිල් වැසියන් රැසකට තුවාල සිදුවී ඇති බව සඳහන්.

දෙයියනේ එයාලා නැතුව ඇසළ පෙරහැර කරලා වැඩක්ද? ඓතිහාසික මංගල්‍යය ගැන ඇහෙන අලුත්ම තොරතුරු මෙන්න

දෙයියනේ එයාලා නැතුව ඇසළ පෙරහැර කරලා වැඩක්ද? ඓතිහාසික මංගල්‍යය ගැන ඇහෙන අලුත්ම තොරතුරු මෙන්න

ඒ අනුව මෙම ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් පවසා ඇත්තේ ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි “තවදුරටත් සිටීමට ඉඩ දිය නොහැකි” බවටයි.

එසේම ඊශ්‍රායලයෙන් ඉරානයේ න්‍යෂ්ටික යටිතල පහසුකම් සහ හමුදා ස්ථාන ඉලක්ක කර ගෙන නව ප්‍රහාර රැල්ලක් දියත් කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම අඳාළ ප්‍රහාරවලට අරක් (Arak) හි පිහිටි බැර ජල න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය ද ඇතුළත් ව පවතින බවට දැක්වේ.

කෙසේ වෙතත් “ඔපරේෂන් රයිසින් ලයන්” ඉරානයට එල්ල කරන මිසයිල ප්‍රහාර මාලාවක් – ඉස්ලාමීය ජනරජයේ න්‍යෂ්ටික වැඩසටහනට සැලකිය යුතු ආකාරයේ හානියක් සිදු කර ඇති බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කරයි.

එයාලා තාම ජීවතුන් අතර...දැනුත් කෝල් කළා..ලෝකෙම අඬවපු ජෝෂි පවුල ගැන ඇහෙන අලුත්ම කතාව

එයාලා තාම ජීවතුන් අතර...දැනුත් කෝල් කළා..ලෝකෙම අඬවපු ජෝෂි පවුල ගැන ඇහෙන අලුත්ම කතාව

එසේම බටහිර ජෙරුසලම සඳහන් කර ඇත්තේ නටාන්ස් (Natanz), ඉස්ෆහාන් (Isfahan), සහ ෆෝර්ඩෝ (Fordow) වල තිබෙන ප්‍රධාන න්‍යෂ්ටික ස්ථානවලට ද ප්‍රහාර එල්ල කර තිබෙන බවයි.

තහවුරු වූ තවත් කරුණක් නම් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) නටාන්ස් සහ ඉස්ෆහාන් හි පහසුකම්වලට හානි සිදුව ඇති බවයි.

ඉකුත් සිකුරාදා දින මෙම සතුරුකම් පටන් ගත් දා පටන් ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන ජාතිකයින් 639 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත. ඒ අතරින් වැඩි පිරිසක් සිවිල් වැසියන් බව සඳහන්.

නාමල් ළඟ තියා ගත්ත ගුවන් සේවිකාවගේ කතාවේ වාර්තා එළියට

නාමල් ළඟ තියා ගත්ත ගුවන් සේවිකාවගේ කතාවේ වාර්තා එළියට

එමෙන්ම ඊශ්‍රායල නිලධාරීන් 24ක් ගේ මරණ ද වාර්තා වී ඇති බව වොෂින්ටනය පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ කණ්ඩායම දක්වයි.

ඊට අමතරව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙතෙක් ගැටුමට සෘජු හමුදාමය මැදිහත්වීමක් බැහැර කර නොමැති බව ද වාර්තා වී තිබෙනවා.

ඒ අනුව ඔහු ඉරානයට පහර දීමේ විභව සැලැස්මක් අනුමත කර තිබුණද ඒ සම්බන්ධ අවසන් තීරණයක් ගෙන නොමැති බවට CBS වාර්තාවන් පෙන්වා දෙයි.

කළු සල්ලි සුදු වෙන හැටි ගැන කවුරුත් නොකියන කතාවක්

කළු සල්ලි සුදු වෙන හැටි ගැන කවුරුත් නොකියන කතාවක්

එමෙන්ම රුසියාවෙන් ඊශ්‍රායලයේ මුල් ගුවන් ප්‍රහාර හෙළා දැකීමත් සමඟ තත්ත්වය සමනය කරන ලෙස ද ඉල්ලා තිබෙනවා.

කෙසේ වුවද ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ට්‍රම්ප් එක්ව දුරකථනයෙන් සාකච්ඡා කළ බව වාර්තා වේ.

එහිදී ක්‍රෙම්ලින් සහායක යූරි උෂාකොව්ට අනුව ඔවුන් දෙදෙනා සාකච්ඡා කර ඇත්තේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡා යළි ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳව බව සඳහන්. 

දූරියන් පෙරේතයන්ට ඔන්න තවත් දූරියන් වගේ සුවඳ ආරංචියක්

දූරියන් පෙරේතයන්ට ඔන්න තවත් දූරියන් වගේ සුවඳ ආරංචියක්