බුර්කාව ගැන විශේෂ නියෝගයක්...අද සිට..
By Kaushi
සිරියාව රජය එරට කාන්තාවට නියෝගයක් කළ බව වාර්තා වේ.
එනම් පොදු වෙරළ තීරයන්හි සිරියානු කාන්තාවන් අනිවාර්යයෙන් බුර්කාව පැළඳිය යුතු බවටයි.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ සිරියාවේ ඉස්ලාමීය නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජය විසින් අඳාළ නියෝගය නිකුත් කර ඇති බවයි.
මෙම නියෝගයට අනුව සිරියාවේ කාන්තාවන් පොදු වෙරළ තීරයන්හි සහ පිහිණුම් තටාකවල මුහුණ, අත්පා පාද හැර ශරීරය ආවරණය වන ලෙසට බුර්කාව හෝ වෙනත් යහපත් ඇදුමක් ඇඳීම අනිවාර්යය බව පවසයි.
එසේම මෙම නියෝගය ඇතැම් තැන්වල දී බල නොපැවැත්වෙන බව ද ප්‍රකාශ කරයි.
එම ස්ථාන ලෙස පෞද්ගලික වෙරළ තීරයන්, සමාජ ශාලා සහ තරු පංතියේ හෝටල් දක්වා ඇත.