රියදුරු බලපත්‍ර පිළිබදව මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

Report

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා කාඩ්පත් ලක්ෂ 8ක් ලැබී ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ මහතා පැවසීය.

කාඩ්පත් බෙදා හැරීමේ ක්‍රියාවලිය දැන් වේගවත් කර ඇති බවත්, මේ වන විට රියදුරු බලපත්‍ර 240,000ක් මුද්‍රණය කර බෙදා හැරීම ආරම්භ කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

පෙබරවාරි 28 වන දින වන විට සියලුම තාවකාලික රියදුරු බලපත්‍රලාභීන්ට ස්ථිර කාඩ්පත් මුද්‍රණය කර නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව ප්‍රකාශ කර ඇත.

වාහන ආනයනය පිළිබඳව විශේෂ නිවේදනයක්

වාහන ආනයනය පිළිබඳව විශේෂ නිවේදනයක්

කාඩ්පත් හිඟයක් හේතුවෙන් ආසන්න වශයෙන් ලක්ෂ 4.5 ක පිරිසකට තාවකාලික බලපත්‍ර පමණක් නිකුත් කර ඇති බව ඔහු පැවසීය.

ඉතිරි කාඩ්පත් 210,000 පෙබරවාරි මාසය අවසන් වන විට මුද්‍රණය කර බෙදා හරින බව ඔහු පැවසීය. සාමාන්‍යයෙන් මසකට නව රියදුරු බලපත්‍ර 60,000 ත් 80,000 ත් අතර ප්‍රමාණයක් මුද්‍රණය කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

දැනට ප්‍රමාණවත් කාඩ්පත් වෙන් කර ඇති බැවින්, අනාගතයේදී කාඩ්පත් හිඟයක් ඇති නොවන බවට කොමසාරිස් ජනරාල්වරයා සහතික වී තිබීම සැලකිය යුතු කරුණකි.

අධ්‍යාපන අමාත්‍යංශයෙන් සියලු පාසල්වලට විශේෂ දැනුම්දීමක්

අධ්‍යාපන අමාත්‍යංශයෙන් සියලු පාසල්වලට විශේෂ දැනුම්දීමක්