මල්වතු - අස්ගිරි මහා නාහිමිවරුන්ගෙන් විශේෂ නිවේදනයක්

Report

දියවඩන නිලමේ ධුරය පිළිබඳව සිදුකෙරන අපහාසාත්මක සංවාද හා එමගින් ශ්‍රී දළදා මාළිගාවේ, උභය මහා විහාරයන්ගේ හා සමස්ත බෞද්ධ සමාජයේ ගෞරවයට සිදුවන හානිය සම්බන්ධයෙන් ද දැනුවත් කරමින් මල්වතු - අස්ගිරි මහා නාහිමිවරුන් මඟින් නිවේදනයක් නිකුත් කර ඇත.

එහි සඳහන් වූයේ, සමස්ත ලෝකවාසී බෞද්ධ මහජනතාවගේ මුදුන් මල්කඩ වන ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකාරීත්වය හිමිවන දියවඩන නිලමේවරයා ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධයා වශයෙන් සම්භාවනාවට පාත්‍ර වන අතරම ජාත්‍යන්තර ලෙස ද බෞද්ධ රටවල් තුළ දියඩවන නිලමේවරයා සම්බන්ධයෙන් පවතිනුයේ ඉමහත් ප්‍රසාදයක් හා ගෞරවයක් බවයි.

මුලින්ම කිව්වනේ අදයි හෙටයි දෙකේම අපි ලෙඩින්, එක සැරේ ලෙඩ වුණ ලංවීම

මුලින්ම කිව්වනේ අදයි හෙටයි දෙකේම අපි ලෙඩින්, එක සැරේ ලෙඩ වුණ ලංවීම

ඒ අනුව 1931 අංක 19 දරන විහාර දේවාලගම් පනත මත වසර 10ක කාලයකට නිලවරණයකින් දියවඩන නිලමේවරයා පත් කරගැනීම සිදු කර ගනියි.

එසේම දැනටමත් වර්තමාන දියඩවන නිලමේවරයාගේ ධුර කාලය අවසන් වී අභිනව දියවඩන නිලමේවරයෙකු පත් කරගැනිමේ කටයුතු සිදු කරමින් පවතින බව අඳාළ නිවේදනයෙහි සඳහන්.

ඒ වෙනුවෙන් වර්තමාන දියවඩන නිලමේවරයා ඇතුළු අපේක්ෂකයින් ගණනාවක් ඉදිරිපත්වී සිටී.

මේ අතර මහා නාහිමිවරුන් මඟින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ තමන් සහයෝගය දක්වන අපේක්‍ෂකයා ප්‍රවර්ධනය කිරීමේ පටු අරමුණින් විවිධ බාහිර පාර්ශ්ව මගින් සිදුකරන අපහාසාත්මක ප්‍රචාරයන් නිසා මේ වන විට ලෝකය ඉදිරියේ බෞද්ධ සමාජය හෑල්ලුවට ලක්වීමත් බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳව සාවද්‍ය ප්‍රතිරූපයක් සමාජගත වීමත් සංවේගයට කරුණක් බවයි.

ගාල්ල පෞද්ගලික රෝහලක කාන්තාවකගේ මරණය - සෞඛ්‍ය අමාත්‍යාංශ මට්ටමින් විශේෂ විමර්ශනයක් ඉල්ලයි

ගාල්ල පෞද්ගලික රෝහලක කාන්තාවකගේ මරණය - සෞඛ්‍ය අමාත්‍යාංශ මට්ටමින් විශේෂ විමර්ශනයක් ඉල්ලයි

"පුද්ගලික න්‍යාය පත්‍රයන් පෙරදැරි කරගනිමින් විවිධ සංවිධාන හා පුද්ගලයන් මෙම කාලසීමාව තුළ බෞද්ධ සමාජය අපහාසයට ලක් කරමින් පටු චේතනාවෙන් පදනම් විරහිතව සිදුකරන වෛරී සහගත ප්‍රකාශයන් හෙළාදකින බවත් එවැනි පටු අරමුණු ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී දළදා මාළිගාවේ මෙන්ම දියඩවන නිලමේ ධුරය, බස්නායක නිලමේ ධුරය ඇතුළු සිද්ධස්ථාන හා සැබැඳි නිලයන්ගේ සම්භාවනීයත්වය මෙන්ම ගෞරවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීමට සියලු අපේක්ෂකයින් අධිෂ්ඨාන කරගත යුතු බවත් අවධාරණය කර සිටිමු."

මේ ලග්නවලට අද සතුට, ධනය, සැප ඉතුරුවත් ප්‍රවේශමෙන්, නැත්තම් වෙන්නේ මේකයි

මේ ලග්නවලට අද සතුට, ධනය, සැප ඉතුරුවත් ප්‍රවේශමෙන්, නැත්තම් වෙන්නේ මේකයි

දියවඩන නිලමේ ධුරය පිළිබඳ මල්වතු - අස්ගිරි මහා නාහිමිවරුන්ගෙන් නිවේදනයක් by Rishma