පලායන සැකකරුවන් අත්අඩංගුවට ගන්න විශේෂ යතුරුපැදි බලඝනයක්

Report

පලායන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වහා ස්ථානගතවීමට හැකි යතුරුපැදි බලඝනයක් රාජකාරියේ යෙදවීමට පොලීසිය පියවර ගෙන ඇත.

සාමය කඩවන අපරාධ වැළැක්වීමට හැකි ක්ෂණික ළඟාවීමක් සහිත, අවි බලයෙන් යුත් පොලිස් කණ්ඩායම් ක්ෂේත්‍රයට මුදාහැරීම දකුණු පළාතට කාලෝචිත අවශ්‍යතාවක් බව හඳුනාගෙන ඇත.

ආයේ ලේසි වෙන්නෙ නෑ...රට යන්න බලන් ඉන්න අයට විශේෂ නිවේදනයක්

ආයේ ලේසි වෙන්නෙ නෑ...රට යන්න බලන් ඉන්න අයට විශේෂ නිවේදනයක්

ඒ අනුව, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ මූලිකත්වයෙන් විශේෂිත යතුරුපැදි බලඝනයක් රාජකාරි යෙදවීමට කටයුතු කර ඇත.

මෙම බලඝනයට තංගල්ල සහ මාතර පොලිස් කොට්ඨාසවලින් යතුරුපැදි 8ක්, හයිවේ යතුරුපැදි 15ක් ඇතුළත් අතර, නිලධාරීන් 46ක පමණ පිරිසක් අනුයුක්ත වේ.

කොරෝනාට මුහුණ දෙන්න හදිසියේම රටවල් සීරුවෙන් තබයි....සැලකිලිමත් වන්න

කොරෝනාට මුහුණ දෙන්න හදිසියේම රටවල් සීරුවෙන් තබයි....සැලකිලිමත් වන්න

ඔවුන් දැනුවත් කිරීමේ හමුවක් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශාලාවේදී පසුගියදා පැවැත්වූ අතර, එයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, මාතර හා හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්තද සොයිසා, ගාල්ල හා ඇල්පිටිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් සේරම්, මාතර පොලිස් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විකුම් ගිනිගේ, තංගල්ල කොට්ඨාස භාර උපුල සෙනෙවිරත්න යන මහත්වරුන් සහභාගී වූහ. 

වැයපස ඉහළයි... පර්ස් එක පරිස්සම් කර ගන්න... ඔන්න නොකිව්වා කියන්න එපා

වැයපස ඉහළයි... පර්ස් එක පරිස්සම් කර ගන්න... ඔන්න නොකිව්වා කියන්න එපා