කොරෝනාට මුහුණ දෙන්න හදිසියේම රටවල් සීරුවෙන් තබයි....සැලකිලිමත් වන්න

COVID-19 COVID-19 Vaccine Sri Lanka Latest Headlines Sinhala news
By Akash May 28, 2025 03:24 PM GMT
Akash

Akash

Report

මේවන විට නැවතත් පැතිර යමින් ඇති කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මෙරට සෞඛ්‍ය බලධාරීන්ගේ අවදානය යොමුව තියෙනවා. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය ද කොරෝනා වෛරසය ලොව රටවල පැතිර යාමේ අවදානමක් පවතින බව නිවේදනය කර තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ සම්බන්ධයෙන් සියලුම රටවවෛරසය යලිත් වරක් ල සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර ඇති අතර ඉදිරියේදී විය හැකි මහ ව්‍යසනයන් වලක්වා ගැනීමට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සුදානම් කර ගන්න ලෙස ද දැනුම් දී තිබෙනවා.

මීගමුවේ වෙඩි තැබීමක්

මීගමුවේ වෙඩි තැබීමක්

මේවන විට චීනය සහ ඉන්දියාව වැනි රටවල කොරෝනා වෛරසය සීග්‍ර ලෙස පැතිර යන බව සඳහන්.

එය ඉතාමත් වේගයෙන් ලොව අනෙකුත් රටවලට පැතිර යාමට ඉඩ පවතින බැවින් ඒ සඳහා දැඩි විමසිල්ලෙන් පසුවන බවද ලෝක සෞඛය සංවිධානය පෙන්වා දෙනවා.

එමෙන්ම නිරන්තරයෙන් මුඛ ආවරණයක් පළඳින ලෙසද ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මේවන විට ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් 1100ක් හඳුනාගෙන ඇති බව සඳහන්. එමෙන්ම අධික උණ රෝගය වැළඳී ඇති නම් ඒ පිළිබඳව නොපමාව රජයේ වෛද්‍යවරයෙකු හමුවී නිසි ප්‍රතිකාර ලබාගන්නා ලෙසද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.

Miss funeral නිර්ධාට චමුදිතගෙන් කනේ පාරක්

Miss funeral නිර්ධාට චමුදිතගෙන් කනේ පාරක්

මේ අතර නව COVID-19 ප්‍රභේදය මගින් එල්ල වන ගෝලීය තර්ජනය සැලකිල්ලට ගනිමින්, සෞඛ්‍ය අමාත්‍යාංශයමේ ඇතැම් රෝහල්වල PCR පරීක්ෂණ වැඩි කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට අනුව, PCR පරීක්ෂණ පහසුකම් සහිත රෝහල් COVID-19 රෝගියෙකු හඳුනා ගැනීම සඳහා සූදානමින් ඇති බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව අනාවරණය කළේ. තවද, උණ රෝගයට ප්‍රතිකාර ලබා ගන්නා හෝ ඇතුළත් වන රෝගීන් පිළිබඳ නිරීක්ෂණ වැඩි කරන ලෙස අමාත්‍යාංශය රෝහල්වලට උපදෙස් දී ඇති බව ලේකම්වරයා පැවසුවා.

ශ්‍රී ලංකාව තත්ත්වය සමීපව නිරීක්ෂණය කිරීම දිගටම කරගෙන යන බව වෛද්‍ය ජාසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියා. නමුත් සීමාවන් පැනවීම දැනට අවශ්‍ය නැති බවත් ඔහු අවධාරණය කළේ. 

ReeCha