විශේෂ ඉන්ධන සහනයක්. - කැබිනට් අනුමැතිය හිමිවෙයි. - අඩු වන මිල ගණන් මෙන්න.

Vijitha Herath Sri Lanka Cabinet Government Of Sri Lanka AKD
By Wayomi Oct 15, 2024 05:50 AM GMT
Wayomi

Wayomi

Report

මාස 6ක් සඳහා රු:300,000 උපරිමයකට ධීවරයන්ට ලීටරයකට රු:25ක ඩීසල් සහනාධාරයක් සහ භූමිතෙල් සඳහා දිනකට ලීටර 15 ක සහ මසකට දින 25ක් සඳහා රැකියාවේ නිරත දිනවලට රු:25ක සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

රටේ ආර්ථික අර්බුදය හේතුවෙන් ධීවර කර්මාන්තයට ඇති වී තිබෙන බලපෑම අවම කර ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමට අදාළව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර තවත් සහන ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍ය විජිත හේරත් අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ.

රටම කැළඹු කාලගුණයේ නවතම නිවේදනය. - ඉදිරි දින දෙක තුළදී අඩුපීඩන කලාපයේ සිදු වන දේ මෙන්න.

රටම කැළඹු කාලගුණයේ නවතම නිවේදනය. - ඉදිරි දින දෙක තුළදී අඩුපීඩන කලාපයේ සිදු වන දේ මෙන්න.


ඉන්ධන මිල ගණන් ඉතා විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් ධීවර කර්මාන්තයට සිදුවන අභිතර බලපෑමට පිළියම් යෙදීම සඳහා 2024-08-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණ ද, එම තීරණය මේ දක්වා ක්‍රියාත්මක වී නොතිබිණ.

ඒ අනුව ධිවර කාර්මිකයින්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කර ගෙන 2024-10-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මාස 06 ක කාලයක් සඳහා සහනයන් ලබා දීම සඳහා කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

නව රජය අයවැය කල් දමයි.? - අතුරු සම්මත ගිණුමක්?

නව රජය අයවැය කල් දමයි.? - අතුරු සම්මත ගිණුමක්?


ඒ අනුව ඉන්ධන වශයෙන් ඩීසල් ලබාගන්නා ධීවර යාත්‍රා හිමියන් සඳහා ඔවුන් විසින් ලබාගනු ලබන එක් ඩීසල් ලීටරයකට රුපියල් 25/- ක මුදලක් ලැබෙන සේ මසකට රුපියල් 300,000/- ක් දක්වා වන උපරිමයකට යටත්ව ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ දීමනාවක් ලබා දීම ද, ඉන්ධන වශයෙන් භූමිතෙල් ලබා ගන්නා යාත්‍රා හිමියන් සඳහා දිනකට භූමිතෙල් ලිටර 15 ක හා මසකට දින 25ක උපරිමයකට යටත්ව, රැකියාවේ නිරත වන දිනයන් සඳහා පමණක් සීමා වන පරිදි භුමිතෙල් ලීටරයකට රුපියල් 25/- ක "ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ දීමනාවක් ලබා දී තිබෙනවා.

මේ අතර ඩීසල් හා භුමිතෙල්වල මිල සංශෝධනයක් සිදු කරන සෑම අවස්ථාවකදීම ඩීසල් සඳහා උපරිම සහන මිල රුපියල් 250/- ක සීමාවකට ද භූමිතෙල් සඳහා උපරිම සහන මිල රුපියල් 150/- කට ද යටත්ව, උපරිම මාස 06 ක කාලයක් දක්වා ඩිසල් සඳහා උපරිම වශයෙන් වෙළෙඳපොළ මිලෙන් 12.5%ක සහනයක් ද ධිවර ජනතාව හිමි වන පරිදි මෙම වැඩසටහන පවත්වාගෙන යනු ලබයි.

තීරුබදු සහ වෙනත් ගාස්තු ගැන අතිවිශේෂ ගැසට් නිවේදනයක්.

තීරුබදු සහ වෙනත් ගාස්තු ගැන අතිවිශේෂ ගැසට් නිවේදනයක්.


මෙන්න සුබ ආරංචියක්. - විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන දිනය ගැන දැනුම්දීමක්.

මෙන්න සුබ ආරංචියක්. - විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන දිනය ගැන දැනුම්දීමක්.

මාළු මිල ගණන් වල විශාල වෙනසක්.

මාළු මිල ගණන් වල විශාල වෙනසක්.