ගුරු භවතුන් සහ සියලු පාසල් සිසුන්ට විශේෂ දැනුම්දීමක්
දෙවැනි සහ තෙවන පාසල් වාරවලට අදාළ මොඩියුලර් සකස් කිරීමේදී, මීට පසු කිසිදු ශ්‍රේණියකට වෙබ් සබැඳි ඇතුළත් නොකිරීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරයි.
පාර්ලිමේන්තුවේදී අද (09) අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රිය කටයුතු මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවය.
දැනට මොඩියුලර් සඳහා ඇතුළත් කර ඇති වෙබ් අඩවි සහ අනෙකුත් මූලාශ්‍ර සියල්ලම මුදල් ගෙවීමක් අවශ්‍ය නොවන ඒවා බවත්, රාජ්‍ය වෙබ් අඩවි භාවිත කිරීමේදී විනිවිදභාවය, වගකීම සහ ප්‍රසම්පාදන සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් මතු නොවන බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නා.
පසු ගිය දා 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩුයුලය සම්බන්ධයෙන් පැන නැගුණු ගැටලුවක් හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙන බවට සඳහන්.