විශේෂ නිවේදනයක් ! මේ දෙන්නව දැක්කොත් කියන්න
කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිද්ධි දෙකක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති කොටහේන පොලිසිය, සැකකරුවන් සෙවීම සඳහා මහජන සහාය ඉල්ලා සිටී.
පළමු සිද්ධිය වාර්තා වී ඇත්තේ මැයි 18 වනදා යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් “සිරිසඳ සෙවණ” මහල් නිවාසය ඉදිරිපිට පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට උත්සාහ කිරීමකි.
මේ සම්බන්ධයෙන් පොලීසිය විසින් සිදුකරන ලද විමර්ශනයකදී වෙඩික්කරු ලෙස සැකකරන පුද්ගලයෙකුගේ ඡායාරූපයක් අපරාධ වාර්තා කොට්ඨාසයේ නිලධාරීන් විසින් හඳුනාගෙන ඇත.
ඔහු වයස අවුරුදු 30ත් 35ත් අතර පසුවන, උස අඩි 5යි අඟල් 9ක් පමණ වන, තළෙළු පැහැයෙන් යුත්, රවුම් මුහුණක් සහිත පුද්ගලයෙකි.
දෙවැනි සිද්ධිය වාර්තා වී ඇත්තේ මැයි 16 වනදා වන අතර, එදින යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු සුමිත්‍රාරාම මාවත, කොටහේන ප්‍රදේශයේ නිවසක් ඉදිරියේදී පුද්ගලයෙකුට හා කාන්තාවකට වෙඩි තබා පලා ගියහ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී, වෙඩික්කරුවන්ට පලා යාමට සහය දැක්වූ සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්නකරණයකින් අනතුරුව, පළමු සිද්ධියේ වෙඩික්කරු ලෙස සැලකෙන සැකකරුගේ ඡායාරූපයද හඳුනාගන්නට පොලිසියට හැකිවී තිබේ.
මෙම සැකකරුවන් සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් ලබාගත හැකි පිරිසක් සිටී නම්, පහත දුරකථන අංකයන් වෙත දැනුම්දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී:
📞 ස්ථානාධිපති, කොටහේන පොලිසිය – 071 859 1571
📞 අපරාධ විමර්ශන අංශය, කොටහේන – 071 859 6386
📞 ස්ථානාධිපති (අපරාධ) – 074 025 3623
සැකකරුගේ ඡායාරූපය පහත දැක්වේ:


