පොසොන් පෝයට දන්සල් යන්න බලා ගෙන ඉන්න අයට දැන්මම විශේෂ නිවේදනයක්

Report

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා ප්‍රකාශ කරන්නේ පොසොන් පොහොයට සමගාමීව දැනටමත් දන්සැල් 4622ක් ලියපදිංචි වී ඇති බවයි.

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

එසේම ඔහු කියා ඇත්තේ එළඹෙන සඳුදා දිනයෙන් පොසොන් පොහොයට සමගාමීව පවත්වනු ලබන මෙම දන්සල් ලියාපදිංචිය අවසන් වන බවයි.

එසේම රට පුරා ඇති දන්සල් පරීක්ෂා කිරීමට මහජන පරීක්ෂකවරු 2000කට වැඩි පිරිසක් ද සේවයේ යොදවන බව ද ලේකම්වරයා සඳහන් කර ඇත.

තවද ඔහු පවසන පරිදී මෙවර වැඩි දන්සැල් සංඛ්‍යාවක් අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල සහ නුවර යන ප්‍රදේශවලින් අපේක්ෂා කරන බවත් ඔහු ප්‍රකාශ කරයි.

ඇවිදින්න යමු කියලා එක්ක ගිහින්...දියණියන් තිදෙනා මරා දැමූ නරුම පියා සැඟවෙයි{PHOTO)

ඇවිදින්න යමු කියලා එක්ක ගිහින්...දියණියන් තිදෙනා මරා දැමූ නරුම පියා සැඟවෙයි{PHOTO)

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දක්වමින් ඔහු පැවසුවේ දැනටමත් බෝවන රෝග ව්‍යාප්තිය වර්ධනය වී ඇති බවයි.

එබැවින් මුතුකුඩ මහතා සියලු දන්සැල් සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටියේ ආහාර සහ ජලය මගින් බෝවන රෝග මෙන්ම ජනතාව අධික ලෙස එක් රැස්වීම හේතුවෙන් හටගන්නා බෝවන රෝග ද වැඩි වී ඇති බැවින් පුද්ගලික ශ්වස්ථතාවය රැකගෙන දන්සැල් පවත්වන ලෙසයි.

එසේම මුඛ ආවරණ සහ මුහුණු ආවරණ ද පළදින ලෙසත් ඔහු අවධාරණය කර ඇත. 

මෙන්න විශේෂ නිවේදනයක් - දිවයිනේ පාසල් රැසක් හෙට සිට වැසෙයි

මෙන්න විශේෂ නිවේදනයක් - දිවයිනේ පාසල් රැසක් හෙට සිට වැසෙයි