ආයේ වෙඩි තියලා,මිනී මරලා රටින් යනවා බොරු ගියොත් මාට්ටු - මෙන්න විස්තරය

Report

පාතාලකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රට පැන යෑමටත්, මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ ජාවාරම් සිදු කිරීමටත් මුහුදු මාර්ග නිතර භාවිතා කරන බවට රජයේ බුද්ධි අංශ විසින් අනාවරණය කර ඇති බැවින්, යාපනය, හලාවත, දෙවුන්දර ඇතුළු මුහුදු මාර්ග පහක් ඉලක්ක කර ආරක්ෂක මුරකාවල් දැඩි කිරීමට ආරක්ෂක අංශ ප්‍රධානීන් තීරණය කර තිබේ.

ඒ අනුව මෙම මුහුදු කලාප ඉලක්ක කරමින් නාවික හා ගුවන් මෙහෙයුම් ද වැඩි කිරීමට පියවර ගෙන ඇති බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග පවසයි.

ආරක්ෂක අංශ වාර්තා අනුව, ධීවර බෝට්ටු යොදා ගනිමින් මිනිස් ජාවාරම් නැවතත් ඉහළ ගොස් ඇති අතර, යාපනය සහ හලාවත මුහුදු තීරය මූලික කරගෙන එම ජාවාරම් වැඩි වශයෙන් සිදුවන බවද පැහැදිලිවී ඇත.

මෙන්න සෙව්වන්දිගේ පෙම්වතා - නංගි කොහොම හරි වැඩේ කරගන්න මම ලගින් ආශ්‍රය කරලා වැඩේ කරගත්තා

මෙන්න සෙව්වන්දිගේ පෙම්වතා - නංගි කොහොම හරි වැඩේ කරගන්න මම ලගින් ආශ්‍රය කරලා වැඩේ කරගත්තා

ඉතාලිය හා ඔස්ට්‍රේලියාව වැනි රටවල් වෙත පලා යාමට උත්සාහ කිරීම වෙනුවට, මෑත කාලයේදී හලාවත හා වයඹ වෙරළ තීරයෙන් ප්‍රංශයට අයත් “රීයූනියන් (Réunion)” දූපතට නීතිවිරෝධී ලෙස බෝට්ටු මගින් පලා යෑමේ ප්‍රවණතාවක් වැඩි වී ඇති බවද ආරංචි මාර්ග පෙන්වා දෙයි.

එසේම, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුහුදු මාර්ග ඔස්සේ මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ නීතිවිරෝධී ජාවාරම්ද ඉහළ ගොස් ඇති බව බුද්ධි අංශ සඳහන් කරයි.

ආයේ බොන්න බෑ - තැබෑරුම් වහනවා

ආයේ බොන්න බෑ - තැබෑරුම් වහනවා

තවද, පාතාල නායක ගනේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඉෂාරා සෙව්වන්දි සහ තවත් පාතාලකරුවන් රැසක් ධීවර බෝට්ටු මගින් යාපනය මුහුදු තීරයෙන් ඉන්දියාවට පලා ගොස් ඇතැයි බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර ඇත.

නේපාලෙන් ආපු ගම්පහ බබා ඇත්ත වමාරයි පද්මේ ඉවරයි මෙන්න බඩු

නේපාලෙන් ආපු ගම්පහ බබා ඇත්ත වමාරයි පද්මේ ඉවරයි මෙන්න බඩු

මුල් කාලයේදී මෙම මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට ගෙන්වූයේ හෙරොයින් වුවත්, දැන් වැඩි වශයෙන් ගෙන්වෙන්නේ කේරල ගංජා සහ විවිධ වේදනානාශක ඖෂධ වර්ග බවද පවසයි. එම නිසා එම කලාප අවට විශේෂ ආරක්ෂක පිළිවෙලක් ක්‍රියාත්මක වේ.