නේපාලෙන් ආපු ගම්පහ බබා ඇත්ත වමාරයි පද්මේ ඉවරයි මෙන්න බඩු
නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරට රැගෙන එන ලද සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන 'ගම්පහ බබා' නැමති සැකකරුගෙන් අනාවරණ කර ගත් තොරතුරකට අනුව T - 56 උණ්ඩ 50ක් සොයා ගෙන ඇත.
ඊයේ (18) දින කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන ප්රශ්න කරන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන 'ගම්පහ බබා' නැමැත්තාව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට රැගෙන ගොස් තිබේ.
පසුව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයෙදි කළ ප්රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු අනුව මෙම ජීව උණ්ඩ 50ක පමණ ප්රමාණයක් කඳාන කෙරවලපිටිය අධිවේගි පිවිසුම අසළ කාණුවක තිබි සොයා ගෙන ඇත.
කෙහෙල්බද්දර පද්මේ විසින් අදාළ පතොරම් තොගය ඔහුට ලබාදී ඇති අතර අදාළ පතොරම් තොගය වැලිසර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.