අධිකරණ ක්ෂේත්රයේ දැවැන්ත වෙනසක් - 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලබන පාර්ලිමේන්තුවට එන දිනය මෙන්න
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත ලබන 18වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබනු ලබයි අධිකරණ පද්ධතියේ පවතින නඩු කටයුතු කඩිනම් කිරීම මෙන්ම ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ සේවය දීර්ඝ ලෙස ලබා ගැනිමේ අරමුණින් මෙම සංශෝධන සිදුකර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව අවුරුදු 67ක් දක්වා ඉහළ දැමීම සිදු කරනු ලබයි .
සංශෝධනයේ සඳහන් වී ඇත්තේ අග්‍රවිනිශ්චකාරවරයා වයස අවුරුදු 67 සම්පුර්ණ වන දිනය හෝ ධුරයට පත්ව වසර 6ක් සම්පුර්ණ වන දිනය යන දෙකෙන් කලින් එළඹෙන දිනයේ දී විශ්‍රාම ගත යුතු බවටයි
අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව අවුරුදු 65 දක්වා ඉහළ දැමීම ද නව සංශෝධනයෙන් සිදු කරනු ලබයි.
එමෙන්ම අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 19 සිට 24 දක්වා ඉහළ නැංවීම ද මෙම සංශෝධනයට ඇතුළත් වේ අධිකරණ සංවිධාන පනත සංශෝධනය මගින් මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63 දක්වා ඉහළ දැමීම සිදු කරනු ලබයි
තවද දිසා විනිසුරුවරුන්ගේ සහ මහේස්ත්රාත්වරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 62 දක්වා ඉහළ දැමිය යුතු බවයි සංශෝධන පනත් කෙටුම්පතේ සදහන් වේ
මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 120 දක්වා ඉහළ නැංවිම ද අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත්ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 වන ව්‍යවස්ථාවට අනුව මෙම කෙටුම්පත් දින 7ක කාලයක් ගැසට් පත්‍රයේ පළ කර තැබීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුලත් කරනු ලබයි
ඒ අනුව අදාළ පනත් කෙටුම්පත්වල පළමුවර කියවීම අගෝස්තු 18 වනදා සිදුකිරීමට නියමිතව ඇත පළමු වර කියවීමෙන් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121ක් වන ව්‍යවස්ථාව ප්‍රකාරව අදාළ සංශෝධනයන් හි ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකිරීම සදහා ඕනෑම සංවිධානයකට හෝ පුරවැසියෙකුට දින 14ක කාලයක් හිමි වේ
එම කාලය සැප්තැම්බර් පළමුවනදායින් අවසන් වේ එම පෙත්සම් සකලා බලා ශ්‍රේෂ්ඨාධිකරණයට සිය තීන්දුව කතානායකවරයා වෙත දැනුම්දීම සදහා සාමාන්‍යයෙන් දින 21ක කාලයක් හිමිව තිබේ
ඒ අනුව සැප්තැම්බර් 22 වනදා පමණ වන විට එම තීන්දුව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනු ලබයි
පාර්ලිමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතාගේ සභාපතීත්වයෙන් යුත් රාජ්‍ය පාලනය , යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමුකිරීමට නියමිතව ඇත
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන තීන්දුව එහි සඳහන් නියමයන් සහ සීමාවන්ට යටත්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් සම්මත විය යුතුය.
අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සාමාන්‍ය පනත් කෙටුම්පතක් වන බැවින් එය සරළ බහුතරයකින් සම්මත කර ගැනීමේ හැකියාව පවතී