තරඟකාරීම විභාගයක ප්‍රතිඵල නිකුත් වෙලා - වැඩිදුර තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න..

Education Latest Headlines Decision Making
By krishani May 10, 2024 11:38 AM GMT
krishani

krishani

Report

දකුණු පළාත් සභාවේ (SPC) පළාත් පාසල්වල සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ (SLTS) 3 වැනි පන්තියේ I (a) ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීමේ විවෘත තරග විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබෙනවා.

තරඟකාරීම විභාගයක ප්‍රතිඵල නිකුත් වෙලා - වැඩිදුර තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න.. | South Provincial Council Teacher Vacancies

2023 ලිඛිත පරීක්ෂණය සහ ප්‍රායෝගික පරීක්ෂණ ලකුණු ඇතුළත් සමස්ථ ප්‍රතිඵල ලේඛන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් නිල වෙබ් අඩවියට නිකුත් කර ඇත.

මේ වගේ දෙයක්?. මහජන බැංකුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න..(PHOTO)

මේ වගේ දෙයක්?. මහජන බැංකුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න..(PHOTO)


2023.11.18 දින පැවති තරඟ විභාගයෙන් සමත් අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් නිකුත් කර ඇති අතර, සෙසු අයදුම්කරුවන්ගේ (අසමත් සහ විභාගයට පෙනී නොසිටි) ප්‍රතිඵල ලේඛනයේ ඇතුළත් කර ඇත.

3000ක්?.. විශ්‍රාම ගැනත් මෙරටින් ගත්ත තීරණයක් මෙන්න..

3000ක්?.. විශ්‍රාම ගැනත් මෙරටින් ගත්ත තීරණයක් මෙන්න..


කුසලතා අනුපිළිවෙල දක්වා ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් වන අතර, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා පවතින පුරප්පාඩු සංඛ්‍යාව සහ විෂයයන් අනුව පත්වීම් ලබා දීම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉදිරියේ දී සිදුකරනු ලබයි.



ප්‍රතිඵල ලැයිස්තුව දැනගන්න මෙතන ක්ලික් කරන්න.