3000ක්?.. විශ්‍රාම ගැනත් මෙරටින් ගත්ත තීරණයක් මෙන්න..
Parliament of Sri Lanka
Dr Ramesh Pathirana
Sri Lanka Politician
Ministry of Health Sri Lanka
Latest Headlines
By krishani
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ අද (07) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.
ඒ හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව යි.
මීට අමතරව හෙදියන් 3000ක් අලුතින් බඳවා ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.
එම හෙද පිරිස බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා සම්මුඛ පරීක්ෂණ පවත්වා අවසන් කර ඇති බව ඒ මහතා පැවසීය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මේ වනවිට 45,000ක සංඛ්‍යාවක් හෙද සේවයේ නිරතව සිටින බවත්, පුරප්පාඩු ඇත්තේ 1,000ක් වැනි ප්‍රමාණයක් බවත් ය.