යුධ ගිනිවල රස්නෙන් මුළු ආසියාවම පිච්චෙයි - ද. කොරියාවේ කොටස් කඩා වැටීමෙන් දර්ශකය අත්හිටුවා නැවත අරඹයි[UPDATE]
By Kaushi
දකුණු කොරියානු කොටස් වෙළදපොළ දර්ශකය කඩා වැටීම නිසා එහි වෙළදාම අත්හිටුවීමට යන බවට විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.
ඒ අනුව එයට හේතුව වී ඇත්තේ අද දින උදෑසන ආසියානු කොටස් අඛණ්ඩව තුන්වන දිනටත් පහත වැටී තිබු අතර ඒවා රතු පැහැයෙන් දිස් වී තිබීම බව වාර්තා වේ.
ඒ අනුව දකුණු කොරියාවේ කොටස් වෙළදපොළ විශේෂයෙන් කොටස් 8% කට වඩා පහත වැටී ඇති බව දැක ගත හැකිවිය.
අනතුරුව කොටස් හුවමාරුවට විනාඩි 20 කට වෙළඳාම නතර කිරීමට සිදු වු අතර එතැන් සිට වෙළඳාම නැවත ආරම්භ වී ඇත.
එහෙත් කොටස් හුවමාරුව10% කට වඩා අඩු බව විදෙස් මාධ්‍ය පවසයි.