දකුණු කොරියානු ඉතිහාසයේ දරුණුතම ගුවන් අනතුර..සතියක ශෝක කාලයක් ප්‍රකාශ කරයි ..

By Piyumika Dec 30, 2024 03:36 AM GMT
Report

දකුණු කොරියාවේ සිදුවූ ගුවන් යානා අනතුරින් කාර්යය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙක් හැර අනෙක් සියලුදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවට බලධාරීන් සනාථ කර තිබේ.

යානය අනතුරට ලක්වන අවස්ථාවේ මගීන් 175 දෙනෙකු සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු එහි සිට තිබුණි. මියගිය පිරිස අතරින් මේ වන විට කාන්තා සිරුරු 85 ක්, පිරිමි සිරුරු 84 ක් සහ ක්ෂණිකව හඳුනාගත නොහැකි තවත් 10 දෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇත.

සතිය ආරම්භ වන විටම ලෝක වෙළදපොලේ බොර තෙල් මිලට සිදු වූ දේ..

සතිය ආරම්භ වන විටම ලෝක වෙළදපොලේ බොර තෙල් මිලට සිදු වූ දේ..

අනතුරින් මියගිය පුද්ගලයින්ගෙන් පස්දෙනෙකු වයස අවුරුදු 10 ට අඩු ළමුන් බව වාර්තා වේ.

බලධාරීන් පවසන පරිදි, ළාබාලම මගියා තුන් හැවිරිදි පිරිමි ළමයෙකු වන අතර වැඩිමහල් පුද්ගලයා 78 හැවිරිදි බව සඳහන් වේ.

අනතුරින් මියගිය බහුතරය දකුණු කොරියානු ජාතිකයින් වන අතර තායිලන්ත ජාතික කාන්තාවන් දෙදෙනෙකු ද ඒ අතර වන බව සඳහන් වේ.

යානය අනතුරට ලක්වූ ස්ථානය ආශ්‍රිතව සෝදිසි මෙහෙයුම් තවදුරටත් සිදුකෙරෙන අතර එම කටයුතු සඳහා 1,500කට අධික සේවකයින් පිරිසක් එක්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

තායිලන්තයේ බැංකොක් නුවර සිට දකුණු කොරියාවේ මුආන් ගුවන්තොටුපොළ බලා ගමන් කරමින් තිබූ ජේජු ගුවන්සේවයට අයත් අදාළ යානය ගුවන්තොටුපොළට ගොඩබැස්සවීමට යාමේදී මෙලෙස අනතුරට පත්ව තිබුණි.

ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ක්ලීන් ශ්‍රී ලංකා පළමු වනදා සිට වැඩ අරඹයි..

ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ක්ලීන් ශ්‍රී ලංකා පළමු වනදා සිට වැඩ අරඹයි..

අයහපත් කාලගුණ තත්ත්වය හා යානයේ කුරුල්ලන් ගැටීම හේතුවෙන් එය ගොඩබස්වන විට රෝද ක්‍රියාත්මක නොවීම අනතුරට හේතුවන්නට ඇති බවට සැක කෙරෙන අතර ධාවන පථයේ ඇදී ගිය යානය තාප්පයක ගැටී ගිනිගන්නා ආකාරය වීඩියෝ දර්ශනවල දැක්වුණි.

යානයේ කළු පෙට්ටියේ පියාසර දත්ත සහ නියමු කුටියේ හඬ පටිගත කිරීම් ලබාගෙන ඇති අතර මේ වන විට විශේෂඥයින් විසින් ඒවා පරීක්ෂා කරනු ලබන බව වාර්තා වේ.

දකුණු කොරියානු ඉතිහාසයේ දරුණුතම ගුවන් අනතුරක් ලෙස සැලකෙන මෙම අනතුර හේතුවෙන් එරට රජය විසින් දින 07ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

එමෙන්ම අනතුර සම්බන්ධයෙන් රටවල් රැසක නායකයින් දකුණු කොරියානු රජය වෙත සිය කණගාටුව පළ කර තිබුණි.

You may like this video