දකුණු අප්‍රිකානු තානාපතිගේ මළසිරුර ප්‍රංශයේ හෝටලයක් ඇතුළෙ
ප්‍රංශයේ දකුණු අප්‍රිකානු තානාපති නාති ම්තෙත්වා පැරිසියේ තරු හතරේ හයට් රීජන්සි හෝටලය අසල මියගොස් සිටියදී සොයා ගත් බව ප්‍රංශ නිලධාරීන් පවසා තිබේ.ඔහු තම බිරිඳ වෙතසියදිවි නසාගැනීමේ සටහනක් තබා ගොස් ඇති බව එරට රජයේ අභිචෝදක කාර්යාලය පවසා තිබෙනවා.
ඔහු උස් හෝටලයේ 22 වන මහලේ කාමරයක් වෙන්කරවා ගෙන තිබූ අතර, එහි ආරක්ෂක කවුළුව බලහත්කාරයෙන් විවෘත කර ඇති බව එහි වැඩිදුරටත් සඳහන් විය.

වහාම සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගන්න අවසන් සටනේ සුදුකොඩි අරන් යටත් උන අයට මොකද වුණේ?
ඔහුගේ බිරිඳ පොලිසියට හෙළිකර තිබුණේ සඳුදා සවස ඔහු සමාව ඉල්ලා සිටිමින් තම ජීවිතය අවසන් කිරීමේ අභිප්‍රාය ප්‍රකාශ කරන පණිවිඩයක් ලැබීමෙන් පසු, තම සැමියා අතුරුදහන් වූ බවටයි.
නමුත් විමර්ශකයින්ට කිසිදු පොරබැදීමක සලකුණක් හෝ ඖෂධ හෝ මත්ද්‍රව්‍යවල හෝඩුවාවන් හමු නොවූ බව ද වාර්තා වී තිබුණා. මූලික විමර්ශනවලින් පෙනී යන්නේ මෙය තුන්වන පාර්ශ්ව මැදිහත්වීමකින් තොරවහිතාමතා කරන ලද ක්‍රියාවක්විය හැකි බවයි.
දකුණු අප්‍රිකාවේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුව ම්තෙත්වාගේ මරණය තහවුරු කළ අතර, සිද්ධියේ තත්ත්වයන් ප්‍රංශ බලධාරීන් විසින් විමර්ශනය කරමින් පවතින බව ද විදෙස් වාර්තාවල දැක්වෙනවා.
