දකුණු අප්‍රිකාවට විශිෂ්ඨ ජයග්‍රහණයක්

Report

එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ දකුණු අප්‍රිකාව අතර අද පැවති තරගයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කඩුලු 06කින් පරාජයට පත් කරමින්. කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකාව පළමුව පන්දුවට පහරදීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යට ආරාධනා කළා.

පිටියට පිවිසි ඔවුන් කඩුලු 6ක් අවසානයේ ලකුණු 122ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව පන්දුවාර 13යි පන්දු 02කදී කඩුලු 4ක් දැවී ලකුණු 123ක් ලබා ගනිමින් ජයග්‍රහණය තමන් සතුකර ගත්තා.

විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ පැතුම් 3වෙනි ස්ථානයට

විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ පැතුම් 3වෙනි ස්ථානයට