දකුණු අප්‍රිකාව IPL ගිය ක්‍රීඩකයන් හදිසියේ කැඳවයි…
දකුණු අප්‍රිකාව විසින් IPL තරඟාවලිය සඳහා සහභාගී වී සිටින ක්‍රීඩකයන් කිහිපදෙනෙක් සිය රටට කැඳවා තිබෙනවා.
ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟයට එක් වීම සඳහා ක්‍රීඩකයන් අට දෙනෙක් මෙලෙස කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
මොවුන් මේ මස 26 වනදාට පෙර දකුණු අප්‍රිකාවට කැඳවා තිබෙනවා.
කාගිසෝ රබාඩා, ලුන්ගි න්ගිඩි , ට්‍රිස්ටන් ස්ටබ්ස් , ඒඩ්න් මාක්‍රම් , රයන් රිකෙල්ටන් , කෝබින් බොෂ් , මාර්කෝ ජැන්සන් සහ වියාන් මෝල්ඩර් මෙලෙස කඳවා ඇති ක්‍රීඩකයන් වනවා.
ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟය මේ මස 30 වනදා ලන්ඩන්වල දී පැවැත්වීමට නියමිතයි.