තියුණු සටනකින් පසු දකුණු අප්‍රිකාවට නොහිතපු ජයග්‍රහණයක්..අද සිදුවූ විශේෂ දේ මෙන්න..

Report

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 31 වැනි තරගය වන දකුණු අප්‍රිකා කණ්ඩායම හා නේපාල කණ්ඩායම අතර අද (15) පැවති තරගයෙන් ජය ලබා ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් සමත් වුණේ ප්‍රේ්ෂකයින් පුදුමයට පත් කරමින්.

IMF එකෙන් ලාංකිකයන්ට අලුත් බද්දක්.. බද්ද වදින්නෙ මේ අයටයි..

IMF එකෙන් ලාංකිකයන්ට අලුත් බද්දක්.. බද්ද වදින්නෙ මේ අයටයි..


මෙහිදී පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකාව පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 115ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නේපාල කණ්ඩායමට පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 114ක්.

ඒ අනුව තියුණු තරගයකින් පසුව එක් ලකුණකින් ජය වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණේ මෙතක් අපරාජිතව තරග කළ කණ්ඩායමක් ලෙසයි.

ලෝක කුසලානයේ තීරණාත්මක තරග කිහිපයක් අද ඇරඹෙයි..

ලෝක කුසලානයේ තීරණාත්මක තරග කිහිපයක් අද ඇරඹෙයි..

මේ අතර, 2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 32 වැනි තරගය වන උගන්ඩාව හා නවසීලන්තය කණ්ඩායම අතර අද (15) පැවති තරගයෙන් ජය ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි උගන්ඩාව පන්දුවාර 18යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 40ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 5යි පන්දු 2ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය ඉතාමත් පහසුවෙන් සපුරා ගැනීමට සමත් වුණා.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායම පහසු තරගයකින් පසුව කඩුළු 9ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා.