දන්සලක් වැඳලා ගැටුම විසඳන්න ගිය පුතුට මරණය...පියාට තුවාල

Report

මතුගම අඹරුල්ලගහවත්ත ප්‍රදේශයේදී ඊයේ (11) දින රාත්‍රීයේදී පුද්ගලයින් දෙදෙනෙකුට කඩුවකින් පහරදීම නිසා බරපතළ තුවාල සහිතව කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මතුගම පොලිසිය වාර්තා කළේ රොහල් ගත කිරීමෙන් පසු ඉන් එක් අයෙක් ජීවිතක්ෂයට පත් වූ බවයි.

නිදහස් ක‍රපු රැඳවියා ගැන සැඟවුණු ඇත්ත එළියට...සැරසෙන්නේ තවත් ජිල්මාට් එකකටද...

නිදහස් ක‍රපු රැඳවියා ගැන සැඟවුණු ඇත්ත එළියට...සැරසෙන්නේ තවත් ජිල්මාට් එකකටද...

ඒ අනුව මියගොස් ඇත්තේ 23 හැවිරිදි වූ යටිදොල, නවුත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධියෙන් තුවාල ලබා ඇති තැනැත්තා 51 හැවිරිදි යටිදොල නවුත්තුඩුව ප්‍රදේශයේම පදිංචි අයෙක් වන අතර පිය පුතු දෙපළක් බවට ද වාර්තා වේ.

ඒ අනුව තුවාලකරුගේ සහෝදරයෙක් හා පුද්ගලයෙක් මත්පැන් සාදයකදී ආරවුලක් ඇති කරගෙන ඇත.

අනතුරුව අඳාළ ස්ථානයෙන් දෙපාර්ශවයම පිටව ගිය පසු සිද්ධිය මුල්කරගෙන ඉහත කී ප්‍රදේශයේදී යළි ගැටුමක් ඇති කරගෙන තිබෙන බව පවසයි.

එහිදී අඳාළ ගැටුමට මියගිය තැනැත්තා සහ තුවාලකරු මැදිහත් වී ඇත.

එම අවස්ථාවේදී ගැටුම ඇතිකරගත් අනෙක් පුද්ගලයා තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කළ බවට හෙළිව තිබෙනවා.

එසේම වැඩිදුරටත් විමර්ශනවලින් හෙළි වූයේ ප්‍රදේශවාසීන් එක්ව තුවාල ලැබූවන් කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.

විරෝධතා මැද විදුලි බිල ගැන ආපු අලුත්ම සුබාරංචිය

විරෝධතා මැද විදුලි බිල ගැන ආපු අලුත්ම සුබාරංචිය

එසේම සිද්ධියේ සැකකරු සිද්ධියෙන් පසු පලාගොස් ඇති බව වාර්තා කරයි.

එමෙන්ම මෘත ශරීරය කළුතර නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට මතුගම පොලිසියකටයුතු කරයි.

පෙරේතකමට කෑවා වගේ නෙවෙයි මුදවපු කිරිවලට පුළුවන්...

පෙරේතකමට කෑවා වගේ නෙවෙයි මුදවපු කිරිවලට පුළුවන්...