දීර්ඝ සතිඅන්ත නිවාඩුව ඉවරවෙලා හෙට වැඩට යන්න එන ඔයාට අද සහ හෙට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක්..

Report

මහමැතිවරණය සහ දීර්ඝ සතිඅන්ත නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන මගී ජනතාව සදහා විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

පාර්ලිමේන්තු සම්පාදය සම්බන්ධව නවක මන්ත්‍රීවරුන් සඳහා තෙදිනක වැඩමුළුවක්..

පාර්ලිමේන්තු සම්පාදය සම්බන්ධව නවක මන්ත්‍රීවරුන් සඳහා තෙදිනක වැඩමුළුවක්..

එම දෙපාර්තමේන්තුව පැවසුවේ අද සහ හෙට දිනවල දී සාමාන්‍ය දුම්රිය ධාවන වාරයන්ට අමතරව විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය සදහා යොදවා ඇති බවය.

ඒ අනුව විශේෂ දුම්රිය වාර 7ක් සැලසුම් කර තිබේ.

ජන්ද නිවාඩුවට ගමේ ගිය අයට ආපසු එන්න අද සිට බස් සේවා..

ජන්ද නිවාඩුවට ගමේ ගිය අයට ආපසු එන්න අද සිට බස් සේවා..

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත්, බදුල්ල සිට කොළඹ කොටුව දක්වාත්, මහනුවර සිට කොළඹ කොටුව දක්වාත්, බෙලිඅත්ත සිට කොළඹ කොටුව දක්වාත් විශේෂ දුම්රිය වාර ක්‍රියාත්මක වේ.

එමෙන්ම කොළඹ කොටුව සිට හික්කඩුව දක්වාත්, මාතර සිට කොළඹ කොටුව දක්වාත්, ගාල්ල සිට කොළඹ කොටුව දක්වාත් මෙලෙස විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය.  

Gallery