ඕස්ට්‍රේලියා මළල ක්‍රීඩා තරගාවලියේ ලාංකීය නාමය සනිටුවහන් කරමින් ප්‍රදීප් සෝමසිරිට ලෝකඩ පදක්කමක්
By Kanchana
2026 වසරේ Silver Level කාණ්ඩයේ මළල ක්‍රීඩා තරගාවලියක් වන ඕස්ට්‍රේලියාවේ ජාතික මළල ක්‍රීඩා තරගාවලිය (2026 Australian Athletics Championships) මෙවර සිඩිනි නුවර පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවත්වෙයි.
ඒ සඳහා ශ්‍රී ලංකාවේ පැරා අංශය නියෝජනය කරමින් T46 කාණ්ඩයේ තරග වැදුණු ප්‍රදීප් සෝමසිරි මීටර් 1500m ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් ව තිබේ.
එම ඉසව්ව වි : 3 තත්ත්පර : 59 දක්ශතාවය ලෙස සටහන් වී ඇත.
මෙය ඔහුගේ මෙම වසරේ පලමු ජාත්‍යන්තර ජයග්‍රහණය වීම විශේෂයත්වයකි