ජනපතිගෙන් පාසල් දරුවන්ට සුබ පණිවිඩයක් මෙන්න - ගුරු පත්වීම් ගැනත් ආරංචියක්..

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ජනපතිගෙන් පාසල් දරුවන්ට සුබ පණිවිඩයක් මෙන්න - ගුරු පත්වීම් ගැනත් ආරංචියක්.. | Solutions To Muslim School Problems From President

ඒ කොළඹ කලාපයේ පිහිටි මුස්ලිම් පාසල්වල තිබෙන ගැටලු පිළිබඳ සොයා බලා ඒවාට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ කොළඹ කලාපයේ මුස්ලිම් පාසල් මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවට එක්වෙමින් ය.

ගුරු පුරප්පාඩු, පන්ති කාමර හිඟය සහ ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම, ඉස්ලාම් දහම සිංහලෙන් ඉගැන්වීමේ දුෂ්කරතා සහ මුස්ලිම් ප්‍රජාව බහුතරයක් වෙසෙන ප්‍රදේශවල මුස්ලිම් පාසල් නොමැතිකම වැනි ගැටලු පිළිබඳ ‍මෙහිදී අවධානය යොමු කර ඇත.

මැයි මාසයේ වැටුපට එක් වෙන දීමනාව..

මැයි මාසයේ වැටුපට එක් වෙන දීමනාව..


ඒ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබෙනවා.

එහිදී වැඩිදුරටත් සිංහල භාෂාවෙන් ඉස්ලාම් දහම ඉගැන්වීමේ නිපුණතාවක් සහිත ගුරුවරුන්ගේ හිඟය පියවීම මෙන්ම ආසන්න වශයෙන් මුස්ලිම් සිසුන් 40,000ක් පමණ සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන නිසා එම හිඟය පියවීමට ගතයුතු පියවර පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී අවධානය යොමුකර ඇත.

ලබන 05 වෙනිදා - ලොකු දේශපාලන පෙරළියක්?. (VIDEO)

ලබන 05 වෙනිදා - ලොකු දේශපාලන පෙරළියක්?. (VIDEO)


කොළඹ මුස්ලිම් පාසල් 19ක ආසන්න වශයෙන් ගුරුවරුන් 200ක පමණ හිඟයක් පවතින බව විදුහල්පතිවරුන් සහ සංවිධාන නියෝජිතයෝ පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත්, එහිදී ජනාධිපතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ අදාළ ගුරු පුරුප්පාඩු සපුරාලීම සඳහා සුදුසුකම් ලත් ගුරුවරුන් හඳුනාගෙන අවශ්‍ය පත්වීම් සිදුකරන ලෙස ය.