ව්‍යාපාරිකයාගේ නිවසට බෝම්බ ප්‍රහාරයක් - හමුදා සාමාජිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට
අම්බලන්ගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසට අද (26) අලුයම් කාලයේදී බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පලා යමින් සිටි යුද හමුදා සාමාජිකයන් දෙදෙනෙකු වතුගෙදර, ආඳාදොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට ඇල්පිටිය පොලිස් යතුරුපැදි ඒකකය සමත්වූ බව වාර්තා වේ.
ඒ අනුව සැකකටයුතු ලෙස යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මොවුන් දෙදෙනාට නතර කරන ලෙස පොලිසිය අණ කර ඇති අතර, එම අණ නොතකා ධාවනය කිරීම නිසා පොලිසිය ඔවුන් ලුහුබැඳ ගොස් අල්ලාගෙන ඇත.
එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ අදාළ ව්‍යාපාරිකයාගේ නිවසට බෝම්බ ප්‍රහාරය එල්ල කර පලා යමින් සිටි බවයි.
ඒ අනුව මෙම සිදුවීමේ ඇති සුවිශේෂී තත්ත්වය වන්නේ, පොලිසිය අදාළ නිවස පරීක්ෂා කිරීමට යන තෙක්ම තමන්ගේ නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව නිවැසියන් දැන නොසිටීමයි.
වාසනාවකට මෙන් මෙම ප්‍රහාරයෙන් නිවසේ කිසිවෙකුටත් ජීවිත හානි හෝ තුවාල සිදුව නොමැති බව පොලිසිය තහවුරු කරයි. අත්අඩංගුවට ගත් යුද හමුදා සාමාජිකයන් දෙදෙනා සම්බන්ධයෙන් ඇල්පිටිය සහ අම්බලන්ගොඩ පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.