හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට අමුත්තන් බැලීම, දුරකථන ඇමතුම් සියල්ල තහනම් වෙයි

Report

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ සැත්කමට ගොස් සතියක් සම්පූර්ණ වන විට වූ සුවිශේෂී සිදුවීම වන්නේ ඔහුගේ 77 වෙනි උපන් දිනය යෙදී තිබීමයි. එසේම ඔහුට අදාළ සැත්කම කරන ලද්දේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වෛද්‍ය සිවදාසන් විසින් බවත් සඳහන්.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, සොයුරු චන්න වික්‍රමසිංහ ඇතුළු පවුලේ සාමාජිකයින්ද රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සිංගප්පූරුවට ගිය අතර සැත්කමින් සතියකට පසු චන්න ඇතුළු පවුලේ සාමාජිකයින් යළි ලංකාවට පැමිණ සිටියා.

එමෙන්ම රෝහල් ගතව සිටි රනිල් වික්‍රමසිංහගේ සැප දුක් විමසීම සඳහා සභාපති වජිර, ජාතික සංවිධායක සාගල,වජිරගේ පුත් තීක්ෂණ අබේවර්ධන ද අනතුරුව සිංගප්පූරුව බලා ගිය බව වාර්තා විය.

හදිසි අසනීප තත්ත්වයට ප්‍රතිකාර ලැබීමෙන් පසු සුරේෂ් සලෙයි නැවතත් CIDට රැගෙන යයි

හදිසි අසනීප තත්ත්වයට ප්‍රතිකාර ලැබීමෙන් පසු සුරේෂ් සලෙයි නැවතත් CIDට රැගෙන යයි

මේ අතර රනිල්ගේ උපන් දිනයේ යෙදුණු ඉකුත් 24 වැනිදා වජිර වෛද්‍යවරයාගේ අනුමැතිය මත රෝහල් කාමරයට කේක් ගෙඩියක් ගෙන ගොස් චාම් උපන්දින සැමරුමක් සංවිධාන කර තිබූ බව ද වාර්තා විය.

ඒ සඳහා මහාචාර්ය මෛත්‍රී,වජිර, සාගල තීක්ෂණ මෙන්ම වෛද්‍යවරයා පමණක් සහභාගී වූ අතර සැත්කමින් පසුව රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට සුවය ලබමින් සිටින බව සඳහන්.

දිවයිනේ සියලු පොලිස් නිලධාරීන්ට පොලිස්පතිගෙන් විශේෂ දැනුම්දීමක්

දිවයිනේ සියලු පොලිස් නිලධාරීන්ට පොලිස්පතිගෙන් විශේෂ දැනුම්දීමක්

මේ අතර සැත්කම සිදුකර සතියකින් පසුව රනිල් වික්‍රමසිංහ මහතාව රෝහලේ සාමාන්‍ය වාට්ටුවකට මාරු කෙරුණ අතර සුව වෙමින් පවතින කාලයේදී වෛද්‍යවරයා ඔහුට දුරකථන ඇමතුම් තහනම් කර තිබෙන බව සඳහන්.

එසේම අමුත්තන් බැහැ දැකීමද තහනම් කර ඇති බව පවසයි. ගුවන් ගමන් සඳහා සුදුසු සෞඛ්‍ය තත්ත්වයට පැමිණි සැණින් රනිල් වික්‍රමසිංහ මහතා නැවත මව්බිමට පැමිණීමට නියමිත අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ සැත්කම කළ වෛද්‍යවරයාට වජිර සිංගප්පූරුවේදී දිවා භෝජන සංග්‍රහයක්ද පිරිනමා ඇති බව ආරංචි වේ.

ඉරිදාට ගුරුවරු කැඳවීම කෙසේවත් සිදුකළ නොහැකි දෙයක් - ලියුම් එව්වට ගුරු සංගම්වලින් දැඩි විරෝධයක්

ඉරිදාට ගුරුවරු කැඳවීම කෙසේවත් සිදුකළ නොහැකි දෙයක් - ලියුම් එව්වට ගුරු සංගම්වලින් දැඩි විරෝධයක්

"සතුරන් කාර්ග් දූපත අත්පත් කර ගැනීමට සූදානම් වන" බව ඉරාන කථානායක අනතුරු අඟවයි

"සතුරන් කාර්ග් දූපත අත්පත් කර ගැනීමට සූදානම් වන" බව ඉරාන කථානායක අනතුරු අඟවයි