බිරිඳ සහ දරුවා පිළිස්සු සෙබළා අත්අඩංගුවට...
By Parami Dissanayake
වත්තේගම මීගම්මනවත්තේ පදිංචි පල්ලෙකැලේ යුද හමුදා කඳවුරේ සේවය කරන සෙබළකු සිය බිරිඳ සහ කුඩා දරුවා පුළුස්සා පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව වත්තේගම පොලිසිය පැවසීය.
මීගම්මනවත්ත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිට ඇති 24 හැවිරිදි බිරිය සහ වසර එකහමාරක් වයස ඇති කුඩා දරුවා සිද්ධියෙන් තුවාල ලබා ඇත.
ඉන් පසු පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබා දුන් තොරතුරකට අනුව 39 හැවිරිදි ඇයගේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
තුවාල ලැබූ කාන්තාව සහ දරුවා ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුලත් කොට ඇත.
සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.