වර්ෂාව හේතුවෙන් අලි සංගණනය කල් දැමේ...

Report

 වන අලි සමීක්ෂණය - 2024 යන තේමාව ඔස්සේ සිදු කිරමට නියමිතව තිබු අලි සංගණනය වන අලි ඇතුන් ගැවසෙන වනාන්තර ආශ්‍රිතව මේ දිනවල ඇදහැළෙන වැසි හේතුවෙන් කල් දමා තිබෙනවා.

ඒ වර්ෂාවත් සමඟ වන අලි සංගණනයට අහිතකර බලපෑම් ඇති විය හැකි බැවිනි.

ඇෆ්ගනිස්තානයේ ගැහැනු ළමුන්ට පාසල් අධ්‍යාපනය තහනම්...

ඇෆ්ගනිස්තානයේ ගැහැනු ළමුන්ට පාසල් අධ්‍යාපනය තහනම්...

එබැවින්, අලි සංගණනය සඳහා සුදුසු වාතාවරණයක් උදාවන තුරු කල් දමන්නැයි වනජීවී හා වනසංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිඛිතව ඉල්ලීමක් කළ බව සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ඩබ්.එල්.ඒ.ටී. සඳරුවන් පවසනවා.

අලි සංගණනයට සුදුසු වාතාවරණයක් උදාවන තුරු එය කල් දමන්නැයි ලේකම්වරයා එම ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

ජනපති රනිල් දළඳා සමිඳු වැඳ පුදා ගනී...

ජනපති රනිල් දළඳා සමිඳු වැඳ පුදා ගනී...

ඒ අනුව, අද (15 වැනිදා) දැනට සැලසුම් කර ඇති පරිදි 2024 අගෝස්තු මස 17, 18 හා 19 දෙදින තුළ සිදුකිරීමට නියමිත අලි සංගණනය මගින් ලැබෙන දත්ත පදනම් කරගෙන වන අලි මිනිස් ගැටුම ඇතුළු වන අලි සම්පත ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලුවලට තිරසාර විසඳුම් සෙවීමට ක්‍රියාකරන බැවින් එය ඉතාමත් සංවේදී හා අනාගත අලි සම්පතේ පැවැත්මට දැඩි බලපෑම් එල්ල කරනු ඇති බව අවධාරනය කෙරේ.